බ්‍රැඩ්බී පළිහ රග්බී පළමු අදියරයේ ජය ත්‍රිත්ව විදුහලට

113

මහනුවර ත්‍රිත්ව විදුහල 77 වැනි “බ්‍රැඩ්බී පළිහ” සාම්ප්‍රදායික රග්බී තරගයේ පළමු අදියර ජය ගැනීමට සමත් විය.

කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 13 -10 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබමින් ඔවුහු එම ජයග්‍රහණයට හිමිකම් කීහ.

මහනුවර පල්ලෙකැලේ පිහිටි ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි පාපන්දු පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු මෙවර පළමු අදියර තරගයේ මුල් භාගය තුළ ලකුණු 10 – 00 ක් ලෙස පෙරමුණ ගැනීමට රාජකීය විදුහලට හැකි විය.

ලකුණු 10 ක් පසු පසින් සිටී ත්‍රිත්ව ක්‍රීඩකයන් දෙවන භාගය ආරම්භ කර විශිෂ්ට තරග රටාවක නිරත වීම මත ඔවුන් ට 13 – 10 ක් ලෙස ජය හිමි විය.

මෙම ද්වන්ධ සටන ඩයලොග් ලීග් ශූරතා අවුරුදු 20 න් පහළ පාසල් රග්බි පාපන්දු තරගාවලියේ ප්‍රමුඛ පෙළ තරගයක් ලෙස ද ගැනිණි. ඒ අනුව මෙවර තරගාවලිය තුළ රාජකීය පිල ලත් දෙවන පරාජය ලෙස ද මෙය සටහන් විණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment