රෝහලේ විදුලි පංකාවක් කඩා වැටී සායනයට පැමිණි දෙදෙනකුට තුවාල

300

හොරණ මූලික රෝහලේ සායන පවත්වන අංශයේ විදුලි පංකාව කඩා වැටීමෙන් ඊයේ (2 දා) දින උදෑසන 9.30ට පමණ හෘද රෝග සායනයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

එක් අයකුගේ හිස ප්‍රදේශයට දරුණු තුවාල සිදුවී ඇත. මොහු තලගල ප්‍රදේශයේ පදිංචි 54හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත. ඊයේ උදෑසන දෙදෙනාම පැමිණ ඇත්තේ හෘද සායනයටය. විදුලි පංකාව ශබ්ද නගා කැරකෙමින් තිබූ බව සායනයට පැමිණි රෝගීන් පවසා සිටියේය.

චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment