බස්නාහිර හදන සිංගප්පුරු සැලසුම සති 16ක් ඇතුළත

213

මහ නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ බස්නාහිර පළාත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සුඛානා ජුරොං සමාගම විසින් සකස් කරන ලද නවතම වාර්තාව සති 16 ඇතුළත දී ලබා දීමට නියමිතය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සමග එම ආයතනයේ ප්‍රධානීන් පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවට පැමිණ තිබේ.

බස්නාහිර පළාත මූල්‍ය අංශයෙන්, සංචාරක අංශයෙන්, සැපයුම් අංශයෙන් සංවර්ධන කලාපයක් ලෙස ගොඩනැංවීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරේ.

සිංගප්පූරු මෙම සමාගම විසින් 2001 වසරේ දී මුල්වරට මෙම සැලැස්ම ඉදිරිපත් කළ අතර, ආණ්ඩු වෙනස්වීමත් සමග එය ඇනහිටියේය. පසුව 2016 දී එම සැලැස්ම මහනගර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළත් එය ද ආණ්ඩු වෙනස්වීමත් සමග ව්‍යර්ථ විය. නැවත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට රජය සූදානම් වී ඊට අදාළ සාකච්ඡාව ඉකුත් 14 දා පවත්වන ලදි. පෙර සැලසුම් ද ප්‍රයෝජනයට ගෙන වර්තමානයට ගැළපෙන ලෙස සකස් කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම සමාගමේ නිලධාරීන්ට මීට පෙර උපදෙස් දී තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment