ඡන්ද කඩිනම් කරන්න සජබ සහාය

55

ජනාධිපතිවරණය හෝ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට යමිකිසි නීතිමය බාධාවක් පවතින්නේ නම් එම බාධා ඉවත්කර මැතිවරණ පැවැත්වීමට හැකි නව නීති සම්මත කරදීමට සමගි ජන බලවේගය සහාය ලබාදීමට තිරණය කර ඇත. ඒ අනුව කුමන හෝ මැතිවරණයක් කඩිනමින් පවත්වා රටේ ජනමතය කුමක්දැයි දැන ගැනීමට සජබයට අවශ්‍ය බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. යම්කිසි මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහාය ආණ්ඩුවට ලබාදීමට සමගි ජන බලවේගය නිරතුරුව සූදානම් බව ද කී ඒ මහතා ඒ සඳහා ආණ්ඩුවට අවශ්‍ය සංශෝධන සිදුකිරීමට සහාය ලබාදෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment