පාර්ලිමේන්තුවේ 13 කට කොවිඩ්…. ගජේන්ද්‍ර කුමාර් එන්නත් අරගෙනත් නැහැ….

252

යාපනය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා කොවිඞ් ආසාදිත බවට ඊයේ (17 දා* තහවුරු වී ඇති අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 12 දෙනකුද කොවිඞ් ආසාදිත බවට තහවුරු වී ඇත.

 පොන්නම්බලම් මන්තී‍්‍රවරයා මේ වන විට කොළඹ සිටින බවද හෙතෙම මේ වනවිට වෛi ප‍්‍රතිකාර සඳහා යොමුවී ඇති බවද මන්තී‍්‍රවරයාගේ ලේකම් එම්.ටී.බී.එන්. ඇන්ජලෝ මෙනෙවිය ‘දිවයින’ට පැවසුවාය.

 මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ රැුපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂාවේදී විවිධ අංශවලට අයත් සේවකයන් 12 දෙනකු කොවිඞ් ආසාදිත බවට හඳුනාගෙන ඇතැයි වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

 ඊයේ පෙරවරු 09 සිට දහවල් 12 දක්වා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී මන්තී‍්‍රවරුන්, ආරක්‍ෂක අංශය සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් මෙම ඇන්ටිජන් පරීක්‍ෂණ සිදුකර තිබේ.

 එහිදී පුද්ගලයන් 275 දෙනකු පරීක්‍ෂා කර ඇති අතර එහිදී කොවිඞ් ආසාදිත බවට හඳුනාගත් 12 දෙනාගේ ආශ‍්‍රිතයන් ආරක්‍ෂක කැමරා ඔස්සේ හඳුනා ගැනීමටද පාර්ලිමේන්තුව විෂබීජහරණය කිරීමටද, කටයුතු කළ බව වේත‍්‍රධාරිවරයා සඳහන් කළේය.

 ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්තී‍්‍රවරයා ඊයේ පාර්ලිමේන්තු රැුස්වීම්වලට සහභාගි වී නැති අතර ඔහු

 පසුගිය පාර්ලිමේන්තු සතියේදී ද රැුස්වීම් සඳහා සහභාගි වී නැතැයි වේත‍්‍රධාරිවරයා පැවැසීය.

 ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්තී‍්‍රවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ කොවිඞ් එන්නත්කරණයේදී එන්නත ලබාගෙන නැතැයිද අනාවරණයවී තිබේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment