ක්‍රිකට් ක්‍රීඩාපිටි සේවකයන්ට ඩොලර් 55000 තවම දීලා නෑ

263

මෙරටේ පසුගියදා පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩාංගණ වැස්සෙන් තෙමීම වැළැක්වීමට ක්‍රියා කළ සේවකයන් සඳහා ඉන්දියාව විසින් ලබා දුන් ඩෝලර් පනස්පන්දහසක මුදල තවමත් එම සේවකයන් වෙත ලැබී නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) කීය.

එහිදී ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ. ෂා මහතා ඩොලර් පනස්දහසක් ද එම අවසන් මහ තරගයේ වීරයා වූ මොහොමඩ් ශිරාජ් ඩොලර් පන්දහසක් ද ලබා දීමට ක්‍රියා කර තිබිණ.

කෙසේ වෙතත් එම මුදල් මෙතෙක් එම සේවකයන්ට ලැබී නැතැයි කී විපක්‍ෂ නායකවරයා එම මුදල් කොහේ ගියේ දැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එම සේවකයන්ට අදාළ මුදල් හිමි නම් එය ලබා දීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා සමග සාකච්ඡා කරන බවට පොරොන්දු වන බවයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment