ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසරේ පළමු භාගය සඳහා රු. බි. 7.7 ක බදු පෙර ලාභයක් වාර්තා කරමින් ඉහළම ලාභ ලබන රාජ්‍ය ආයතන අතර පෙරමුණ ගනී

121

දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසරේ පළමු භාගය සඳහා රු.බි. 7.7 ක බදු පෙර ලාභයක් සහ රු. බිලියන 21 ක රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා කරමින් 13.1 % ක විශිෂ්ට වර්ධනයක් සමගින් ශ්‍රී ලංකාවේ ඉහළම ලාභ ලබන රාජ්‍ය ආයතන අතර පෙරමුණ ගනී.

රට තුළ පැවති අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ වුවද , සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 269 දක්වා සහ ජීවිත අරමුදල රු. බිග 152.4 ක් දක්වා ඉහළ නංවාගනිමින් රටේ විශාලතම සහ ශක්තිමත්ම රක්ෂණ ආයතන ලෙස සිය ස්ථානය නැවතත් තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබේ.

එසේම සිය දිගුකාලීන මුල්‍ය ස්ථාවරත්වය සඳහා AA(lka) ෆිච් ශේණිගත කිරීම එලෙසින්ම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමත්ව තිබෙන අතර AA(lka) ෆිච් ශේණිගත කිරීම හිමිකරගෙන ඇති එකම ශ්‍රී ලාංකික රක්ෂණ ආයතනය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයි.

එමෙන්ම තවත් ජයග්‍රහණයක් සටහන් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත් අගනා සාමාන්‍ය රක්ෂණ සන්නාමය සහ වඩාත් ජනාදරයට පත් රක්ෂණ සන්නාමය ලෙස අඛණ්ඩව පස්වන වරටත් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් වෙතින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඇගයීමට ලක්විය.

2022 වසරේ පළමු භාගය තුළ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි ජිවිත රක්ෂණ වාරික ආදායම් අගය රු.බිලියන 10.5 ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර එහි වර්ධනය7.5% ක් වේ. රක්ෂණ ක්ෂේත‍්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් එම ක්ෂේතය තුල ප්‍රඵකාශිත වැඩිම බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2022 වසරේදී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජිවිත රක්ෂණ ඔප්පුහිමියන් වෙත රු.බිලියන 9.8 ක දැවැන්ත මුදලක් බෝනස් දීමනාව ලෙස ලබාදීමට සමත්වූ අතර මේ අනුව පසුගිය වසර 15 මුළුල්ලේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි එකතුව රු. බිලියන 83 ක අගයක් ගනී.

සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපල ප්‍රමුඛයා ලෙසින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ සිය රක්ෂණ වාරික ආදායම් අගය රු. බිලියන 10.5 දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබෙන අතර එය 19.4% ක වර්ධනයකි.

advertistmentadvertistment
advertistmentadvertistment