පකිස්තානය ශ්‍රී ලංකාවට යෝධ ඉලක්කයක් ලබාදීමට සැරසෙයි

311

අබ්දුල්ලා ශෆීක්ගේ පළමු ද්විත්ව ශතකය සහ අගා සල්මන් ගේ වේගවත් ශතකය මත තම පළමු ඉනිම ලකුණු 600 සීමාව අබියසට රැගෙන ආ සංචාරක පකිස්තානුවෝ ශ්‍රී ලංකාවට ඉතා දැඩි ඉලක්කයක් ලබා දීමට සැරසෙන අයුරු කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ඊයේ (26 වැනිදා) දිස් වූයේය.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට ජයග්‍රහණය සඳහා වැඩි ආධිපත්‍යයක් රඳවා ගැනීමට සමත් වූ පාකිස්තානුවෝ ඒ වනවිටත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 397 ක් ඉදිරියෙන් සිටීමට සමත් වූහ.

කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලෙසින් තරගයේ තෙවන දිනය ඇරඹු පකිස්තාන කණ්ඩායම දිනය නිමා කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් රැස් කර ගනිමිනි.

ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලකුණු 385ක් රැස් කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත්ව තිබූ අතර ඒ සඳහා ඔවුන් වැය කර තිබුණේ පන්දු වාර 94 ක් පමණි.

එහිදී පකිස්ථානය වෙනුවෙන් තම මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට අබ්දුල්ලා ශෆීක් සමත්වූ අතර පන්දු 322 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහර 4 ක් අබ්දුල්ලාගේ ඉනිමට ඇතුළත් වූයේය.

ශතකය රැස් කිරීමෙන් පසු ප්‍රභාත් ජයසුරිය ගේ පන්දුවක් හමුවේ අබ්දුල්ලා දැවී ගිය අතර ප්‍රභාත් ගේ ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස නායක බාබර් අසාම් ලකුණු 39 කට දැවී ගියේය.

බාබර් අසාම් මෙම තරගාවලියේ ඉනිම් තුන තුළදීම ප්‍රභාත් ගේ පන්දු හමුවේ දැවී ගොස් තිබෙන අතර ප්‍රභාත් ජයසූරිය සහ බාබර් අසාම් ටෙස්ට් තරගවල මුණගැසුණු ඉනිම් 7 න් ඉනිම් 6 ක දීම ජයසූරියගේ පන්දු හමුවේ බාබර් දැවී ගොස් තිබේ.

පළමු ටෙස්ට් තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ පාකිස්තාන මැද පෙළ පිතිකරු සවුද් ශකීල් මෙම තරගයේදී ද ලකුණු 57 ක් ලබාගත් අතර ඒ අනුව ඔහු පළමු ටෙස්ට් තරඟ 7 තුළදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය පළමු පිතිකරුවා ගේ ලෝක වාර්තාවට හිමිකම් කීය.

පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් වේගවත් ශතකයක් රැස් කර නොදැවී කඩුල්ලේ රැඳී සිටින අගා සල්මන් ගේ කඩුල්ල අද දිනයේ හැකි ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අපොහොසත් වුවහොත් මේ වනවිට ලකුණු 400 සීමාව ආසන්නයේ පවතින ඉලක්කය ඉතා අඩු කාලයකින් දැවැන්ත ඉලක්කයක් වනු ඇත.

අගා සල්මන් ලකුණු 132 ක් ලබා සිටින අතර ඒ සඳහා ඔහු මුහුණ දී තිබුණේ පන්දු 148 කට පමණි. ඒ පන්දු අතරින් හතරේ පහර 15 ක් සහ එක් හයේ පහරක් එල්ල කිරීමට සල්මන් සමත් වී තිබුණි.

දිවා භෝජනයත් තේ පානයත් අතරතුර පාකිස්තානු පිලේ කඩුලු රකින ක්‍රීඩක සෆ්‍රාස් අහමඩ් කම්පනය හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහු වෙනුවට ආදේශන ක්‍රීඩකයා ලෙස කණ්ඩායමට එක්වූ මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 37 ක් රැස්කරගෙන සිටී.

නැවතත් දෙවැනි වරට පන්දුවට පහර දීමෙන් වැළකී පළමු ඉනිමේදී හැකිතාක් ප්‍රමාණයක් ලකුණු පුවරුවේ රැඳවීමේ අරමුණෙන් පන්දුවට පහර දෙන පාකිස්තානය දමනය කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඊයේ මහත් වෙහෙසක් ගත්ත ද ප්‍රභාත් ජයසූරිය ලබා ගත් කඩුලු දෙක සහ අසිත ප්‍රනාන්දු ඊයේ ලබාගත් කඩුල්ල හැර ශ්‍රී ලංකාව ලබා ගත් දෙයක් නොවීය.

ශ්‍රී ලංකාව පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 166 යි – (ධනංජය ද සිල්වා 57, දිනේෂ් චන්දිමාල් 34, රමේෂ් මෙන්ඩිස් 27, නිශාන් මදුශ්ක 04, දිමුත් කරුණාරත්න 17, කුසල් මෙන්ඩිස් 06, ඇන්ජලෝ මැතිව්ස් 09, සධීර සමරවික්‍රම 00, ප්‍රභාත් ජයසූරිය 01, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, අබ්රාර් අහමඩ් 69/4, නසීම් ෂා 41/3, ශහීන් ෂා අෆ්රිඩි 44/1)

පාකිස්තානය පන්දුවාර 132 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 563 යි – (අබ්දුල්ලා ශෆීක් 201, ඉමාම් උල් හක් 06, බාබර් අසාම් 39, ශාන් මසූඩ් 51, අගා සල්මන් නොදැවී 132, මොහොමඩ් රිස්වාන් නොදැවී 37, සවුද් ශකීල් 57, සර්ෆ්‍රාස් අහමඩ් 14

පන්දු යැවීම

අසිත ප්‍රනාන්දු 133/3, ප්‍රභාත් ජයසූරිය 181/2
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment