වසරකට රිය අනතුරු දශලක්ෂය පනී

251

මෙරට රෝහල් තුළ නේවාසිකව ප‍්‍රතිකාර ලබන සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන්ම එක් අයකු හදිසි අනතුරක් හේතුවෙන් රෝහල්ගත වූවකු බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසීය.

එක් වසරක් තුළ මෙරටදී සිදුවන අනතුරු හේතුවෙන් පුද්ගලයන් ලක්‍ෂ දහතුනක් රෝහල්ගත වන බවද ඒ මහතා කීය.

අනතුරුවලින් තොර සුරක්‍ෂිත වසරක් යන තේමාවෙන් යුතුරජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

මෙරට සිදුවන අනතුරු අතරින් බහුතරයක් වාර්තා වන්නේ නිවෙස් ආශි‍්‍රතව බවද කී විශේෂඥ වෛද්‍ය සමිත සිරිගුංග මහතා වැටීම්, විදුලිසැර වැදීම්, ෂත්ව සපා කෑම්, සර්ප දෂ්ටනයන්, දියේ ගිලීම්, විෂවීම් ඒ අතරින් ඇතැම් ඒවා බවද පෙන්වා දුන්නේය.

අනතුරු හේතුවෙන් කශේරුව සහ කොන්ද ප‍්‍රදේශය අබාධයට ලක්වූවන් කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අධි අවාධානමක් පවතින බවද ඒ මහතා එහිදී වැඩිදුරටත් කීය.

advertistmentadvertistment
advertistmentadvertistment