ඔබේ දරුවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ අසමත් වන්නේ ඇයි?

199

දරුවො රටේ සම්පතක්. ඒකට තර්කයක් නැහැ. නමුත් මේ සම්පතින් අපට අපේ රටට ලෝකයට වැඩ සිදුකර ගන්න නම් අපේ දෙමවුපියෝ දරුවන්ව නිවැරදි මාර්ගයේ යවන්න ඕනෑ. කිසිදු රටකට ලොකු මිනිසුන් අවශ්‍ය නැහැ. ඒ අය රට නැති කරනවා අපට අවශ්‍යව ඇත්තේ උගත් – යහපත් රටට ආදරය කරන මිනිසුන්. ඒ විදියේ අය සෑදීමට පියවරවල් කීපයක් පසුකරන්න සිදුවනවා. පාසලක් විවෘත කරනව කියන්නේ හිරගෙවල් කීපයක් වහනව කියන එකනේ. එනම් පළමුව දෙමවුපියන්ගෙන් ඒ මූලික හැඩගැස්සවීම ගෙදරදීම ලැබිල පාසලට යවල මූලික නිවැරදි අධ්‍යාපනය ලබාදෙන්න ක්‍රියාකරවන්ට ඕනෑ. නිවැරදි මූලික අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය කරල විශ්වවිද්‍යාලවල උසස්ම අධ්‍යාපනය හදාරල නිවැරදි මග ඔස්සේ රටකට සේවයක් ලැබෙන පරිදි ජීවත්වන්නට අවබෝධය දෙන්ට ඕනෑ. නැත්නම් අවබෝධය ගන්නට ඕනෑ. වර්ෂ 1948 දී අපි නිදහස ගත්තා කිව්වට ඒකේ නියම නිදහස මේ වෙනකං හරි තිබෙනවද? අපි ලෝකයට කොච්චර ණයද? අපි රටින් එනතුරු තාම බලා ඉන්න නොදියුණු රටක් නොවේද? රට හදන්න පෙර අපි හැදුනොත් හොඳ නැද්ද. එතකොට රට ඉබේටම හැදේවි.

මෙවැනි ප්‍රශ්න වැලටම ප්‍රශ්න පත්‍රයටම මුහුණ දෙන්ට වෙන්නෙ පිළිතුරු දෙන්ට වෙන්නෙ අපේ දරුවන්ට. ක්‍රමවත් ලෙස දරුවො නිවැරදි මාර්ගයේ නොයැව් බොහෝ දෙමවුපියන් අද දවසේ බොහෝ කනගාටුවෙනවා. පසුතැවිලි වනවා. අපි මුදල් වැයකළා තමයි ඔවුන්ට උගන්වන්ට. නමුත් ඒ දරුවන්ව ලුහුබැන්දේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාකලාපය ගැන විමසිලිමත් වුණේ නැහැ. සමහර අයගේ ජීවිතය කඩා වැටිලා. නිවැරදි වැඩපිළිවෙළ ක්‍රියාදාමය අනුගමනය නොකළ නිසා දරුවො වල්මත් වෙලා. ඔබේ දරුවා 6,7,8,9,10 පංතිවල ඉගෙන ගන්න කොට විභාග වලට මුහුණ දෙනකොට ඔබ ඔවුන්ව නිරීක්‍ෂණය කළාද? ඔබ ඔවුන්ට ඔබට හැකි අයුරින් වියදම් කළා තමයි ඒත් ඔවුන්ගේ වැඩ ක්‍රියාකලාපය ගැන විමසිලිමත් වුණාද? අපි ඉදිරිය හදාගනිමු.

සමහර දරුවන්ට අධ්‍යාපනය ගැන හොඳට දැනුම තිබියදීත් O/L , A/L අසමත් වුණේ ඇයි. ප්‍රතිඵල නැවත පරීක්‍ෂා කළත් වැඩක් වුණාද? ප්‍රතිඵල වලින් පසු කීදෙනෙක් ත්‍රිරෝද සංසදයට එකතු වුණාද? අපි මෙච්චර වියදම් කලේ මේකටද? කාගෙද වරද? දෙමවුපියන් වැඩිහිටියන් වන අපි මේ කරුණු ගැන අදවත් ටිකක් කල්පනා කළොත් අප දෙපොළම වන දූ-දරු දෙමාපියන් හෙට දවසට සතුටුවන්ට හැකිවේවි.

ජ්‍යොතිෂය ඇසුරින් හැකි ඕනෑම පිළිසරණක් වීමට අපි ඕනෑම වෙලාවක සූදානම්. කරුණුත් පැහැදිලි කරන්නම්. දැනුම තිබියදී විභාගය අසමත්වීම ලොකු ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නය නැත්නම් ගැටලුව මොකද්ද කොහෙද තිබෙන්නෙ කියල කාටත් අවබෝධ නැහැ. මේවා “ග්‍රහ යුද්ධ” නිසා බව කිව්වොත් පුදුම වනවාද?

අප ජීවත් වන්නෙ පෘථිවිය උඩ. මේ පෘථිවිය හැම විටෙකම භ්‍රමණය වනවා. නැත්නම් වෙනස් වනවා. ඒකනේ අපට රෑ දවල් ලැබෙන්නෙ. එතකොට ඒකෙ ඉන්න අපිත් වෙනස් වෙනවා. මේ පෘථිවිය වගේම පෘථිවිය වටේ තිබෙන ග්‍රහලෝක 9 ක් තම කක්ෂය වටා හා පෘථිවිය වටේත් වේගයෙන් කැරකෙනවා. ඒ භ්‍රමණය වනවිට අපට වඩාත් බලවත් ග්‍රහලෝක දෙකින් පරාවර්තනය වන කිරණ මේ පෘථිවියේ සිටින ජන්මියාට ස්පර්ශ වනවා. එවිට ඒ ජන්මියාට අවශ්‍යතාවය හා වයස අනුව ප්‍රතිඵල වෙනස් වනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කුඩා කල ජන්මියෙකුගේ ශරීරයට සිකුරු කිරණය ස්පර්ශ වෙනව කියලා. සිකුරා විශේෂයෙන් කරන්නෙ කාමය හා මඟුල් තුලා කාර්යයන්. මේ සිකුරු කිරණ හොඳට ස්පර්ශ වුණත් නරකට ස්පර්ශ වුණත් මේ ජන්මියාට කලින් කිවූ දේවල් ප්‍රතිඵල දෙන්නෙ නැහැ. මොකද ඒ වයසේ අයට ඒවා වැඩක් නෑ කියලා අපි හිතමු. ඒ කිරණයම ඉගෙන ගන්නා හෝ විවාහ වන වයසේ කෙනෙකුට ස්පර්ශ වනවා කියලා. අන්න එතකොට මේ කිරණ ප්‍රතිඵලවල ප්‍රතික්‍රියාව වෙනස් අයුරින් පලදෙනවා. ඔන්න ඔය විපර්යාසය අපි තේරුම් ගත යුතු වනවා.

පාසල් යන වයසේ විශේෂයෙන්ම විභාගයකට මුහුණදෙන වයසේ දරුවන්ට බුධ – බ්‍රහස්පති – සිකුරු යන සුබ ග්‍රහයෝ වැඩිපුරම ක්‍රියාත්මක වනවා. මේ වයසේ ඉන්න අයට සිකුරු හතුරුව ස්පර්ශ කළොත් ඉගෙනීම කඩාකප්පල් කරන්න කොහේ හරි ආලවන්තකමක් නැත්නම් තාවකාලික පෙම් සබඳතාවයක් ඇති කරනවා. ඒකෙන් ඉගෙනීම කඩනවා. එහෙමත් නැත්නම් බෝවෙන රෝගයක් හදලා ඉගෙනීම තාවකාලික කඩනවා. මේ වගේ ගැටලු වලදී දෙමවුපියො ඉතා කල්පනාකාරීව හිටියොත් මේ වගේ ප්‍රශ්න නැති කරල දමන්න හැකි වනවා.

මේ සෞරග්‍රහ මණ්ඩලයේ රවි ග්‍රහයා කෙනෙකුට දුර්වල වුණොත් කල්පනා ශක්තිය නැති කරනවා. සිතීමේ ශක්තිය, ධාරණ ශක්තිය හීන කරනවා. කොච්චර පාඩම් කළත් පාඩම් හිටින්නෙ නැහැ. ඒකට අළුයම සූර්ය වන්දනාව කරන එක හොඳයි කියලා පරණ ආචාර්යවරු කියලත් තිබෙනවා. හැබැයි රවි යම් ජන්මියෙකුට යහපත්ව හිටියොත් ගොඩම තමයි. රවි කිව්වේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා.

මේ ආකාරයට ඉතිරි ග්‍රහයො ගැනත් ටිකක් කල්පනාවෙන් බැලුවොත් බොහෝදුරට ප්‍රයෝජනවත් වනවා. දරුවන්ගේ ඉගෙනීම් කටයුතු විභාග කටයුතු ඉදිරියෙන් නිසා බුධ හා බ්‍රහස්පති ගැන කරුණු දැන ගනිමු. මේ දෙදෙනා අපේ දරුවන්ට යහපත් වන්නෙත් අයහපත් වන්නෙත් කෙසේද කියා. බුධ කිව්වේ ඕනෑම ජන්මියෙකුගේ බුද්ධියට අධිපතියා සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාම පුංචි තරුවක්. නැත්නම් ග්‍රහ ලෝකයක්. සූර්යයාට ඉතාම කිට්ටු නිසා හොඳට හෝ නරකට ප්‍රතිඵල දීම ඉක්මනයි. බුධට රෑ දහවල් කියල නැහැ. බුද්ධියටත් එහෙම නේ. බුධට අයිති රාශි තමයි මිථුන, කන්‍යා රාශි දෙක. වර්ෂ 17 ක්ම බුධට අයිතියි. දෙවනුව මේ බුධ ප්‍රධාන වශයෙන් නුවණ, සත්‍යවාදී බව ඉගෙනීම, උගැන්වීම, ශිල්ප අවබෝධය සම්බන්ධව බලවත් වනවා. මිථුන, කන්‍යා ලග්න වල ඉපදිලා ශිල්පස්ථානය බලවත් වුණොත් විභාග සමත් කිරීම සුළු දෙයක් වනවා. බුධ ග්‍රහයා විතරයි පෙර භවයක දැනුම මේ භවයට ගෙන එන්ට සමත් වන්නේ. ශිල්පයට වඩා බුද්ධියට තමයි හපන්කම් පාන්නේ. කේන්දරයකට බුධ හරි බලවත් ඒ සිංහය හැරයි. ඉගෙනීම කරන අය ඊසාන දිශාව බලාගෙන පාඩම් කරන්න හොඳයි.

මීළඟට ගුරු නැත්නම් බ්‍රහස්පති ගැන කියමුකෝ. කවුරුත් දන්නවනේ ශිල්පයට අධිපතියා. සූර්යයා පමණයි කුඩා. ගුරුට අයත් රාශි තමයි ධනු – මීන – විශ්වාසවන්තකම ඉගෙන ගත් දේ හිතේ රඳවා ගැනීම. ශිල්පයට ගරු කිරීම මේවාවලට ගුරු බලවත්. 5 වැනි රාශියට බලවත් – සෞරග්‍රහ මණ්ඩලයේ බුධ – ගුරු – සිකුරු සුබ ග්‍රහයො කියල කිව්වට හතුරු උනොත් වධ දෙන්නෙ විපාක දෙන්නෙ හිනාවෙලා. බ්‍රහස්පතිගේ දිශාව ඊසාන – අවතාරය වාමනයා. රන් මිශ්‍රිත කහ පාටට කැමැතියි. පුරාණ ආචාර්යවරු ලෙහෙසියට හඳුනා දුන්නෙ එහෙම වුණාට ගුරු කියන්නෙත් ග්‍රහලෝකයයි. පුරාණ කාලේ සාමාන්‍ය මිනිහෙකුට අහිංසක කළෙත් අංගුලිමාල කළෙත් මේ බ්‍රහස්පතිම තමයි.

විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනෑ දෙයක් තමයි විභාගවලට පෙනී සිටින දරුවන් විශේෂයෙන් මිථුන, කන්‍යා, ධනු, මීන ලග්න අයිතිකාරයෝ නම් හෝ මහදසාව බුධ අන්තරදසාව ගුරුට, එහෙමත් නැත්නම් බ්‍රහස්පති මහදසාව, බුධ අන්තර් දසාව නම් මේ කාලෙට ගෙවන්නේ, ඔබේ දරුවා ගැන සැලකිලිමත් වන්ට ඕනෑ.

විභාගවලට පෙනී සිටින දරුවන්ගේ කේන්දර වල තත්කාල කේන්දරයෙහි බුධ මහ දසාවේ බ්‍රහස්පති අතුරු දසාව ගෙවනව නම් විභාගයට පිළිතුරු ලියන කොට ඉගෙන ගත් දේ තමයි ලියන්නෙ. නමුත් ලියැවෙන්නෙ වෙන එකක්. ඒ වෙලාවට බ්‍රහස්පති පසෙකලා බුධ බලවත් වෙලා වෙන එකක් ලියවෙනවා. බ්‍රහස්පති මහදසාවේ බුධ අතුරු දසා ගෙවනව නම් විභාගයට පිළිතුරු ලියන කොට නිවැරදි දේ හිතට ආවත් ලියැවෙන්නෙ වෙනත් පිළිතුරක්. මේ දෙකම නිවැරදි යයි හිතුනට වැරදියි. මේ ආකාරයට නිවැරදි පිළිතුර පටලවනවා. මේ වගේ ගැටලු වලට පැරණි ජෝතිර්වේදියා කිව්වේ ග්‍රහ යුද්ධ කියලා. මේ ආකාරයට වැරදුනාම දරුවන්ට බැනල වැඩක් නැහැ. දැනුම තිබිලත් විභාගය පරදිනවා. රජයත් එතැන් සිට දරුවාව වෙන මගකට යොමු කරනවා. ඉතින් දරුව කලබල වෙලා කලකිරෙනවා. ළමයි ගොඩක් නරක් වන්නෙ මේ බුධ – බ්‍රහස්පති ග්‍රහ ගැටලුව නිසා. මෙම ගැටලුවට පුරාණ ආචාර්යවරු “නවනාථය” යන්ත්‍රය පැළැන්දුවා. වැඩිය හොඳයි “ස්කෝන් නවනාථය” යන්ත්‍රය නිවැරදිව පැළැන්දුවොත් තඹ තහඩුව රන් ආලේප කරල නියමිත වාර ගණන පුරල පළඳවන්න හරියට හරි. O/L , A/Lවලට පෙනී සිටින හැමදෙනාටම ජය පතනවා. දැනුම තිබිලත් විභාගය අසමත් වන්ට එපා.

ඔබේ දරුවා සාමාන්‍ය පෙළ, උසස් පෙළ අසමත් වන්නේ ඇයි?

පාරම්පරික ජ්‍යොතිෂවේදී/
ගුප්ත විද්‍යාදර මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.-0779870007, 0722174553.

advertistmentadvertistment
advertistmentadvertistment