කෙහෙළියට ඉල්ලා අස්වෙන්න යැයි කියූ අය හෙළිවේ

1843

තමාට සෞඛ්‍ය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පවසා ඇත්තේ තම බිරිඳ සහ දරුවන් පමණක් බවත් වෙනත් කිසිවකු මේ දක්වා එවැනි ඉල්ලීමක් කර නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.තමා අභියෝග හමුවේ පලා නොයන බවත් ඒවාට මුහුණ දීමට ආත්ම ශක්තිය ඇතිබවත් සදහන් කළේය.

සෞඛ්‍ය අංශයේ ගැටලු ඇති බව තමා පිළිගන්නා බවත් ඊට හැකි උපරිම අයුරින් විසදුම් ලබාදීම සදහා කටයුතු කරන බවත් කීවේය.එසේම සෞඛ්‍ය අංශයේ ගැටලු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම සදහා තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පත් කරන බවත් සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment