ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව රු බිලියන 8.6 ක්

428

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු බිලියන 8.6 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2020 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ප‍්‍රධානය කරන අතර 2005 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 73.2 ක මුදලක් බෝනස් දීමනාව ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ.ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජිවිත රක්ෂණ ඔප්පු හිමියන්ට SLIC මොබයිල් ඇප් හරහා සිය බෝනස් සහතිකය ඩවුන්ලෝඞ් කිරීමේ හැකියාව තිබේ.
 
 කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් රට තුල පවත්නා අසීරු තත්වය මධ්‍යයේ වුවද මෙම බෝනස් දීමනාව ප‍්‍රකාශයට පත්කිරීමත් සමගින් ජිවිත රක්ෂණ වෙළෙඳපොළ තුළ වැඩිම ප‍්‍රතිලාභ ලබාදෙන ජිවිත රක්ෂණය ලෙස ඔප්පුහිමියන් විසින් ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙත තබා ඇති විශ්වාසය නැවත තහවුරු වී තිබේ.
 
 ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සතු ක‍්‍රමවත් ආයෝජන කළමණාකරණ උපායමාර්ග හා රු. බිලියන 134 වන රක්ෂණ ක්ෂේත‍්‍රයේ දැවැන්ත ජීවිත රක්ෂණ අරමුදල සිය ජීවිත රක්ෂණ සැලසුම් හිමියන්ට ඉහළ ප‍්‍රතිලාභ ලබාදීම ස`දහා හේතුවී ඇති අතර ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ වන විට රු. බිලියන 212 ක් වන රක්ෂණ ක්ෂේත‍්‍රයේ අසමසම වත්කමි සම්භාරයකටද හිමිකම් කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment