පොදු ප‍්‍රවාහන භාවිතයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කරලා – වෛද්‍ය කමල් ඒ. පෙරේරා

55

පොදු ප‍්‍රවාහන භාවිතයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අමතක කිරීම සහ රජය ඒ පිළිබඳව නිසි අවධානයක් යොමු නොකිරීම නිසා ඉදිරියේදී විශාල කොවිඞ් අවදානමකට මුහුණ දීමට රටට සිදුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ පෙරේරා මහතා ‘‘දිවයින’’ට ඊයේ (11දා) පැවසීය.

රජය සහ සෞඛ්‍ය අංශ කොවිඞ් මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීමේදී ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමත්, ආසාදිතයන්ගේ ප‍්‍රමාණය දෛනිකව අඩු අගයක් ගැනීමත් හේතුවෙන් මෙලෙස කොවිඞ් මාර්ගෝපදේශ පිළිපැදීම ක‍්‍රමයෙන් අමතක කිරීම ඉදිරියේදී රට තුළ යළි භයානක තත්ත්වයක් ඇති වීමට හේතු විය හැකි බව ද ඒ මහතා පැවසීය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා මෙසේද කීවේය.

‘‘මේ වනවිට රටේ සියලූ පාසල් ආරම්භ කර ඇති නිසා පොදු ප‍්‍රවාහනයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ ආරක්‍ෂා කිරීම පිළිබඳව ප‍්‍රශ්න ඇති වෙලා. බස් රථවල වගේම දුම්රියෙත් මීටරයක පරතරය තියා සෙන්ටි මීටරයක පරතරයක් තියා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මෙරට ජනතාවට පොදු ප‍්‍රවාහනය භාවිතයේදී ඇති වන තදබදය අවම කිරීම වෙනුවෙන් යම් සාධනීය පියවර ගැනීමට රජය ඇතුළු වගකිව යුතු අංශ ක‍්‍රියාත්මක නොවන තෙක් වසංගත රෝග තුරන් කිරීම අභියෝගයක් වෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ හෝ නීති රීති ප‍්‍රකාශයට පත් කළාට වැඩක් නෑ, ඒවා ක‍්‍රියාත්මක නොවනවා නම්. ඒ වෙනුවෙන් නිසි ක‍්‍රමවේද හා නිසි නියාමනයක් තිබිය යුතුයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment