ශ්‍රී ලංකා ක්‍රිකට් යෝජිත විශේෂඥ ආරක්ෂක උපදේශක තනතුර 2021 දීම මම එපා කීවා

145

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පිළිගැනීමට යෝජිත විශේෂඥා ආරක්ෂක උපදේශක තනතුර භාර නොගන්නා බව දන්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිට 2021 නොවැම්බර් 5 වැනිදා ලිඛිතව දැනුම් දී තිබේ. ආයතනික සංග්‍රහයේ ඞඞඞ වැනි පරිච්ඡේදයේ සඳහන් පරිදි රජයේ නිලධාරීන් සිය නිත්‍ය රාජකාරියෙන් පරිබාහිරව මේ ආකාරයේ වෙනත් සේවයක් ඉටු කරන්නේ නම් ඒ සඳහා විෂය භාර ලේකම්වරයාගේ පූර්ණ අනුමැතිය ලබාගත යුතුය. ඒ අනුව මෙවන් තනතුරක් භාරගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියක් ලැබී නොමැති බවට අවධානය යොමු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය කාලය තුළ තමා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදුන් සහාය අවැසි අවස්ථාවකදී ලබාදීමට කටයුතු කරන බවට දන්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් තෙන්නකෝන් මහතාට යෝජිත තනතුරට ඇරයුම් කරමින් 2021 වසරේ අගෝස්තු 7 වැනිදා ඔහු වෙත ඒවා ඇති ලිපියට පිළිතුරු යොමු කරමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මහතා මෙම සඳහන් කිරීමක් කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල පතුරවන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සඳහන් කිරීම ‘දිවයින’ට යොමු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment