ඇමරිකානුවන්ගේ ණය කන්ද ඩොලර් ටි්‍රලියන ගණනින් ඉහළට

943

පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඇමරිකානුවන් විසින් විවිධ කාර්යයන් සඳහා ලබා ගෙන ගෙවීමට ඇති ගෘහස්ථ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන ගණනක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය තවත් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ. ඇමරිකානුවන්ගේ ගෘහස්ථ ණය ප්‍රමාණය මෙසේ ඇමරිකානු ඩොලර් ටි්‍රලියන ගණනක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වරට බව පැවසේ. මෙම වසරේ මුල් කාර්තුව අවසානයේදී ඇමරිකානුවන් විසින් ගෙවීමට තිබූ මුළු ගෘහස්ථ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 17.05ක් දක්වා ඉහළ ගොස් තිබූ බව නිව්යෝක් නගරයේ මධ්‍යම බැංකුව විසින් නිවේදනය කර තිබේ. මෙය ඉකුත් වසරේ අවසන් කාර්තුවේ ගෙවීමට තිබූ ගෘහස්ථ ණය ප්‍රමාණයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 148ක වැඩිවීමක් බව බැංකුව කියයි.

ඇමරිකානුවන්ට ගෙවීමට ඇති ණය කන්ද ඉකුත් 2019 වසරේ අගභාගයෙන් පසු ඇමරිකානු ඩොලර් ටි්‍රලියන 2.9කින් වැඩි වී තිබේ. උකස් ණය, නිවාස කොටස් ණය, වාහන ණය, ශිෂ්‍ය ණය, සිල්ලර කාඩ්පත් ණය ඇතුළු වෙනත් පාරිභෝගික ණය ප්‍රමාණය මෙසේ ඉහළ යමින් පවතින බව හෙළි වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment