රිෂාඩ් පාස්කු නඩුවලින් නිදහස්

103

පසුගිය 2019 අප්‍රියෙල් 21 වැනිදා පාස්කු ඉරිදා මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ පාස්කු ප්‍රහාර මාලාවට හා එකී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩු කටයුත්තෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02දා) නියෝග කළේය.

එම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා යටතේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්‍ෂි අනාවරණය වී නොමැති බව පෙන්වා දෙමින් නීතිපතිවරයා විසින් ලබාදී තිබූ උපදෙස් අනුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

සැකකාර රිෂාඩ් බදුර්දීන් මහතා ඊයේ (02දා) අධිකරණය හමුවේ පෙනී සිටියේය. එකී චෝදනා යටතේ පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා අත්අඩංගුවට ගත් රිෂාඩ් බදුර්දීන් මහතා පුරා දින 111 ක කාලයක් රැඳවුම් නියෝග මත රඳවා විමර්ශනය කිරීමෙන් අනතුරුව එම වසරේ අගෝස්තු 10 වැනිදා පළමු වරට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්‍ෂිත බන්ධනාගාර භාරයට පත්කර තිබිණි. පසුකාලීනව ඔහු ඇප මත මුදාහැර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment