මහජන බැංකුව යළිත් වරක් විශිෂ්ටතම බැංකු 1,000 අතරට

111

අඛණ්ඩව සිව් වැනි වරටත් එක්සත් රාජධානියේ ‘ද බෑන්කර් සඟරාව’ විසින් මහජන බැංකුව ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට නැවත් වරක් එක් කරනු ලැබ තිබේ.
 
 එක්සත් රාජධානියේ ෆයිනෑන්ෂල් ටයිම්ස් විසින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ද බෑන්කර් ස`ගරාව, Tier 1 capital කාණ්ඩය යටතේ මූලික වශයෙන් බැංකු ශ්‍රේණිගත කරනු ලබයි. මේ පිළිබඳව අදහස් පළ කළ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ‘කොවිඞ්-19 වසංගතය මධ්‍යයේ මෙවැනි ජයක් හිමි කරගැනීමට හැකි වීම තුළින් සැබැවින්ම ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක් හමුවේ නොසැලී සිටීමට අපට ඇති හැකියාව මනාව පිළිඹිබු වෙනවා. තම ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අපත්, අපගේ කාර්ය මණ්ඩලයත් කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ටත් කොටස් කරුවන්ටත් හෘදයාංගමව අපි ස්තුතිවන්ත වෙනවා’ යැයි කියා සිටියේය.
 
 2021 වසරේදී සිය 60 වැනි සංවත්සරය සමරන මහජන බැංකුව, කොවිඞ්-19 වසංගත කාලය අතරතුර සිය ශාඛා ජාලයෙන් 70‍්‍ර කට වැඩි ප‍්‍රමාණයක් විවෘතව තබමින් ඉතා සුවිශේෂී සේවයක් සලසා දුන් අතර ව්‍යාපාරික සහ පුද්ගලික ගනුදෙනුකරුවන් වෙනුවෙන් රුපියල් බිලියන 800කට වැඩි මූල්‍ය පහසුකම් පිරිනමන ලදී.
 
 මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරීරැුසාමාන්‍යාධිකාරී රන්ජිත් කොඩිතුවක්කු මහතා මෙසේ පැවසීය. ‘අඛණ්ඩව 4 වැනි වරටත් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් වීමේ අවස්ථාව අපට හිමි වීම පිළිබඳව අපි ඉතාමත් සතුටටත්, ආඩම්බරයටත් පත් වෙනවා. අපගේ ජාතියත්, ජනතාවත් කෙරෙහි ඇති වගකීම අප මනාව ඉටු කරන බවට මෙය කදිම නිදසුනක්. තව තවත් ශක්තිමත් වෙමින් මින් ඉදිරියටත් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment