ගැලවීමක් නැහැ මෙමට මගේ මස්සිනා ඉන්නකල්…

733

ඉන්දියානු උප මහාද්වීපය ශිෂ්ටාචාරය මුල පටන්ම ගිනි ජාලාවකි. මීට අවුරුදු දහසකට හෝ දෙදහසකට පෙර ඇති වූ ආක‍්‍රමණවලදී ඉන්දියානු රජවරු ස්වකීය ජයග‍්‍රහණ සටහන් කිරීම සඳහා පළාත් පිටින් ගිනි තැබූහ. වැඩිදෙනා දැන නොසිටියාට අපගේ ආදරණීය ධර්මාශෝක රජතුමා චණ්ඩාශෝක නමැති නරක මනුස්සයකුව සිටි කාලයේදී ප‍්‍රශ්න විසඳීමේ වැඩපිළිවෙළක් ලෙස ගම්මානවලට ගිනි තැබුවේය. ඌව වෙල්ලස්ස කැරැල්ලේදී රොබට් බ‍්‍රවුන්රිග් ඇතුළු නීච සුද්දෝ කැරැල්ලට කේන්ද්‍ර වූ සියලූ සිංහල බෞද්ධ ප‍්‍රදේශ ගිනි තබා විනාශ කළහ. ලෝක ඉතිහාසය පැත්තෙන් කතා කළොත් ක‍්‍රි.ව. 64 දී නීරෝ නමැති අධිරාජ්‍යයා විසින් රෝම නගරයට ගිනි තබන ලදී. එකල රෝමය තුළ ක‍්‍රිස්තියානිකාරයෝ බහුලව සිටියහ. ගස් ගල් ඇදහූ නීරෝ අධිරාජ්‍යයාට මෙකී කතෝලික ප‍්‍රජාව මාර වාතයක් විය. ඒ අනුව ක‍්‍රි.ව. 64 ජූලි 19 දා රාත‍්‍රීයේදී නීරෝගේ ගෝලයෝ රෝම නගරයට ගිනි තැබූහ. ගිනි ජාලාව ඇවිළෙන අතර කිතුනුවන් දැවී යෑමෙන් තමාට අත්වන අනාගත අස්වැසිල්ල ගැන කල්පනා කළ නීරෝ වීණාවක් වයමින් ෆන් එකක් ගන්නට විය. එහෙත් මේ ගොං රජා එකක් අමතක කළේය. ඒ වූකලී ඒ ගිනි ජාලාවෙන් කිතුනුවන් මෙන්ම නීරෝගේ ආගම ඇදහූ රෝමානුවන් ද දහස් ගණනින් මිය යන බවය. ඉන්දියානු නැන්දම්මලා දෑවැද්ද අඩුවෙන් ගෙනෙන මනාලියන් පිළිබඳ ප‍්‍රශ්නය විසඳන්නේ බොහෝවිට ගින්නෙනි. පුතාගේ අනුමැතිය ඇතිව හෝ නැතිව පුතා ගෙදර නැති වෙලාවක් බලා ලේලිය කුස්සියට ගිය කල්හි ඇගේ ඇඟට භූමිතෙල් වත්කරන නැන්දම්මා සියතින්ම ගිනි කූරක් ගසා ලේලියට ගිනි තබයි. සාමාන්‍යයක් වශයෙන් ගත් කල අවුරුද්දකට ලේලියන් 8000 ක් පමණ ඉන්දියාවේ නැන්දම්මලා විසින් ගිනි තබා මරනු ලැබේ. මේවාට උදව් කරන අම්මලාගේ පුත්තු නමැති නින්දා සහගත පන්ඩක පුත්තු එබඳු ගිනි ජාලාවලින්ම දැවී අළු වේවා!
 
 රිෂාඞ් බදියුදීන්ගේ ගෙදර වහල්කම් කළ දහසය හැවිරිදි දැරියක් දූෂණය කර පුළුස්සා මැරීමේ සිද්ධිය තවදුරටත් දරුණු වෙමින් පවතී. මේ දැරිය රිෂාඞ්ගේ ගෙදරට පැමිණ මාස අටක් ගතවී ඇති අතර ඇය රඳවා තබා ඇත්තේ ලයිට් එකක්වත් නැති කුඩා කාමරයක ය. සමහරවිට මේ සිද්ධියේ සැකකරුවන් වන රිෂාඞ්ගේ බිරිඳ, ඇගේ 47 හැවිරිදි සහෝදරයා වන මස්සිනා, බිරිඳගේ පියා යනාදීන් නිදාගත් කාමරවල ඒසී පවා තිබෙන්නට ඇති. මෙහිදී රිෂාඞ්ගේ මස්සිනා මහත්තයා පිළිබඳ යමක් කිව යුතුය. ඔහු මීට පෙර ද 22 හැවිරිදි මෙහෙකාර තරුණියක් දූෂණය කර ඇත. ඒ අනුව මේකා ස්ත‍්‍රී දූෂණය පිළිබඳ අත්දැකීම් ඇත්තෙකි. මෙකී දූෂක මස්සිනා මහත්තයා සම්බන්ධයෙන් රිෂාඞ් දැන සිටින්නට ඇති. රිෂාඞ්ගේ බිරිය වන මිසිස් බදියුදීන් ද දැන සිටින්නට ඇති. මෙහිදී සිදුවී ඇති ආරම්භක වරද වන්නේ තරුණ ගැහැනු ළමයකු සිටින තැනකට ස්ත‍්‍රී දූෂකයකු ගෙන්වා ඔහුට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීමය. මේ අනුව පහත සඳහන් බියකරු සැක සංකා අප තුළ පහළ වී තිබේ.
 
 1. දිගින් දිගටම දූෂණය වන දැරිය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීම සඳහා රිෂාඞ් නැති වෙලාවක් බලා (පසුගිය දෙමාසය පුරාම රිෂාඞ් සිටින්නේ සී.අයි.ඞී. රැඳවුම් භාරයේය.) කිසියම් පාර්ශ්වයක් ගිනි දෙවියන්ට ආරාධනා කිරීම. එවිට වැඩම කළ ගිනි දෙවියන් භූමිතෙල් සහ ලයිටරයක් යොදාගෙන දැරියට ගිනි තබන්නට ඇති.
 
 2. මේ නිවසේ සිටින කිසියම් පාර්ශ්වයක් විසින් ගිනි තබාගෙන මිය යන ලෙස දැරිය පොළඹවන්නට ඇති. ඇය දීර්ඝකාලීනව දූෂණය වූ බැවින් තම උපන් ගමට ගොස් නෑදෑයන්ට මුහුණ දෙන්නට නොහැකි බව මේ නිවසේ සිටින පාර්ශ්වයක් විසින් ඇයගේ හිතට කාවද්දන්නට ඇති. එවිට ඇය ගිනි තබා ගත්තා වන්නට පුළුවන. ඇය ගිනි තබා ගත්විට දිගින් දිගටම දූෂණය වූ බව ද අළුවී යනු ඇතැයි සිද්ධියට අදාළ මෝඩ හැතිකරය කල්පනා කරන්නට ඇති. අපට දැන ගැනීමට ඇති පරිදි මෙහෙකාර දැරිය ඇගේ උපන් ගම වූ හැටන්හි් ඩයගමට කැටුව යෑම සඳහා ඇගේ පවුලේ අය ලබන මාසයේ හය වැනිදා රිෂාඞ්ගේ නිවසට ඒමට සූදානම්ව සිටියහ.
 
 3. දැරිය පිලිස්සී මිය ගිය බව දැනගත් සැණින් රිෂාඞ් බදියුදීන්ට පපුවේ අමාරුවක් හැදිණ. ඔහු කම්පනයට පත්වන්නේ තම නිවස තුළ සිදුවන නීච ක‍්‍රියා පිළිබඳව දැන සිටි නිසාද?
 
 ඉහත සඳහන් කාරණා තුනම සැක සංකා තුනක් පමණි. සැකයේ වාසිය විත්තියට ය. මස්සිනා පිළිබඳ අවාසිය රිෂාඞ්ගේ අනාගත දේශපාලන ජීවිතයට ය. කොළඹ හතේ තියෙන ගෙවල් බොහොමයක් මඩ ගොහොරු වෙති. මේ මඩ ගොහොරුව යට අපායක් ඇති බවත් එහි තිබෙන ගිනි ජාලාවේ තරුණ මෙහෙකාර දැරියන් පිලිස්සෙන බවත් දන්නෝ විරලයහ.

advertistmentadvertistment
advertistmentadvertistment