යාළුවනේ මං දැන් නිදහස්

418

වසර විසිඅටක් සිර කූඩුවක සිට නිදහස ලැබූ පසු යමකුට ඇති විය හැකි සතුට සැනසුම මොන තරම් වනු ඇද්ද? මිනිසකුට නම් එය වචනවලට පෙරළා පැවසිය හැකිය. කඳුළු සලා සතුට දුක බෙදාගත හැකිය. නමුත් චින්පන්සියකු වසර විසිඅටක් කූඩුවක සිට නිදහස ලබා අහස දෙස බලා විමතිය පළ කරන වීඩියෝ දර්ශනයක් ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිර යමින් ඇත.

මෑත කාලයේ මෙවන් සංවේදී වීඩියෝ පටයකට ලැබුණ ඉහළම ප්‍රතිචාරය ලැබූ එය කොයි කාගෙත් සිත් සසල කර ඇත.

චින්පන්සියා නමින් වැනිලාය. 1997 වසරේදී මේ වැනිලා නමැති චින්පන්සියා කූඩු කර දමන්නේ විද්‍යාගාර පරීක්‍ෂණය සඳහා ඌ යොදා ගැනීමෙන් පසුවය.

සත්ත්ව සංවිධාන මැදිහත් වී මේ වැනිලාට නිදහස දෙන්නේ සත්ත්ව හිංසාවේ පව මේ යැයි ලොවට කියමිනි.

වසර විසිඅටකට පසු කූඩුවෙන් නිදහස ලද වැනිලා තවත් චින්පන්සියකු වැළඳගෙන අහස දෙස බලන්නේ “නිදහස” නිදහස නම් වූ අයිතිය තහවුරු කරමිනි. සිරකරුවෝ මනුෂ්‍යයෝය. එපමණක් ද සතුන්ට ද නිදහස අවැසිය.

මෙකී චින්පන්සියා දැන් ෆ්ලිඩාවේ චින්පන්සින්ගේ අභය භූමියක දිවි ගෙවන්නේ නිදහස ද බුක්ති විඳිමිනි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment