මහීෂ් සහ මතීෂ කල්කටා හිදී බැබළෙති

749

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිඩාංගනයේ දි පන්දුවාර විස්සයි විස්ස තරඟයක වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය ලැබූ මහේන්ද්‍ර සිං දෝනි ගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 49 ක පහසු ජයග්‍රහණයක් අද අත්කර ගත්තේය.
චෙන්නයි ක්‍රීඩකයන් පළමුව පන්දුවට පහරදී නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 235 ක් ලබා ගත් අතර කල්කටා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණි.
චෙන්නයි කණ්ඩායම නියෝජනය කරන මහීෂ් තීක්ෂණ මෙම තරගයේදී ලකුණු 32 කට කඩුලු 2 ක් දවා ගත් අතර පන්දු 25 කදී ලකුණු 61 ක් ලැබූ ජේසන් රෝයි ගේ කඩුල්ල ද ඒ අතර වේ.
කල්කටා ප්‍රහාරාත්මක පිතිකරු ඇන්ඩ්‍ර් රසල් ගේ කඩුල්ල ද සමග ලකුණු 27 කට සිය පන්දු වාර 4 සම්පූර්ණ කිරීමට යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment