මනිපායි කෝවිල් 4ක් බින්ද සැකකරුගේ බැංකු ගිණුම්වල කෝටි 3ක්

412

යාපනයේ මනිපායි ප්‍රදේශයේ කෝවිල් හතරක් කඩා මුදල් හා රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වූ පොලිසියට ඔහුගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් තැන්පත් කොට ඇති බව හෙළි වී තිබේ.

මනිපායි ප්‍රදේශයේ ප්‍රධාන කෝවිල් හතරක් කොල්ලකෑම සඳහා මෙම කොල්ලකරු යාපනයට පැමිණ ඇත්තේ කොළඹ සිටය. මෙම කොල්ලකෑම්වලින් පසුව ඔහු ආපසු කොළඹ ගොස් ඇති අතර යළිත් කෝවිලක් කොල්ලකෑම සඳහා යාපනයට පැමිණ සිටියදී මනිපායි පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මනිපායි කෝවිල්වල සවිකොට තිබූ සී.සී.ටී.වී. කැමරාවල තිබූ දර්ශන ආධාරයෙනි.

සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment