කෝටි 8 1/2ක චීන සිගරැට් රේගු අත්අඩංගුවට

140

බදු වංචාව කෝටි 7ට වැඩියි

රුපියල් අටකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි පන්ලක්ෂ පනස්හයදහසක් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (11 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

විදේශයක සිට මෙරටට ගෙන්වා තිබූ බහාලුමක තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගය පිටවූයේ නම් රජයට රුපියල් හත්කෝටි පනස්ලක්ෂ හැත්තෑනවදහස් හාරසිය පනස්පහක බදු මුදලක් අහිමිවීමට ඉඩ තිබූ බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා කියා සිටියේය.

ආයෝජන මණ්ඩල අනුමැතිය ලත් සමාගමක් විසින් එම වරප්‍රසාදවලට මුවාවී සැලසුම්සහගතව නීති විරෝධී ආයතනයක් මගින් මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇති බව රේගුව විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment