නැවෙන් වන්දි ගන්න සජබත් නීති මාර්ගයට – සජිත් කියයි

39

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගය ද නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.

ඒ උදෙසා මූලික එන්තරවාසි යැවීමට මේ වන විටත් ක්‍රියා කර ඇතැයි ද හෙතෙම ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කියා සිටියේය.

එහිදී විපක්ෂ නායක මෙසේද කීය.

පර්ල් එක්ස්ප්‍රස් නැවෙන් සිදුවූ හානියට වන්දි අයකර ගැනීමේ වැඩපිළිවෙළේ සහායක් ලෙස සමගි ජනබලවේගයේ අපිත් නීතිමය කටයුතුවලට ප්‍රවේශ වෙනවා. ඒ උදෙසා අපි මේ වන විට මූලික එන්තරවාසි යොමු කරලා තිබෙනවා. ඊ. යූ. ආර්. එස්. ඕ. ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සී. කොන්සෝෂන් ප්‍රයිවට් ලිමිටඩ්, එක්ස්ප්‍රස් ප්‍රීලර්ස් ලිමිටඩ්, සී. කොන්සෝෂන් ලංකා ලිමිටඩ්, ලන්ඩන් ස්ටීම්ෂිප් ඕනර්ස් මියුචුවල් ඉන්ෂුවරන්ස් ඇෂෝෂන් ලිමිටඩ්, ගීඒස්සී ෂිපින් ලිමිටඩ්, ප්‍රී ඇස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනවලට විරුද්ධව අපි මේ වන විටත් එන්තරවාසි යවා තිබෙනවා. මේ ආයතනවලට විරුද්ධව බිලියන 6.4කට සීමා වෙලා තිබෙන වන්දි මුදලට වඩා වැඩි මුදලක් වන්දි වශයෙන් හිමි විය යුතුයි කියා අපි විශ්වාස කරනවා. ඒ නැවේ විනාශය නිසා අගතියට පත් පාර්ශ්වයන් වෙනුවෙන් ඒ වන්දි මුදල මෙරට භාණ්ඩාගාරයේ වෙනම ගිණුමක තැන්පත් කරන්නැයි කියලා අපි එන්තරවාසි යවා තිබෙනවා. සමගි ජනබලවේගය රටට ලබා දෙන ශක්තියක් ලෙස අපි මෙය කරනවා.

ඒ වගේම අපි කියන්න ඕනා, මේ නැව් සමාගම හිතා ගෙන ඉන්නවා අපේ රටේ විවිධ පාර්ශ්ව මුදලට බිලී බා ගන්න පුළුවන් කියලා එහෙම මුදලට බිලී බා ගන්න පුළුවන් කවුරුත් අපේ රටේ නෑ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment