ඩොලරය රු.310 ට නගියි

128

වාණිජ බැංකුවල හුවමාරු අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (05දා) රුපිල් 310 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අනුව බලපත‍්‍රලාභී වාණිජ බැංකු කිහිපයක්ම සිය දෛනික විනිමය අනුපාතික සටහන්වල ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.310ක් ලෙස සටහන් කර තිබිණි.

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ ඊයේ (05දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගයන් රු.307ක මට්ටමේ තිබිණි.

මේ අතර මහ බැංකුව ප‍්‍රකාශයට පත් කරන නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (05දා) ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.303.49 දක්වා ඉහළ ගියේය.

මේ අනුව ඉතිහාසයේ ප‍්‍රථමවරට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.300 ඉක්මවා යෑම ඊයේ දිනයේදී සිදු විය.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (04දා) රු. 299.99ක් විය. මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකානු ඩොලරයක අගය රු.3.50කින් ඉහළ ගොස් ඇත.

ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිලද ඊයේ දිනයේදී රු.293.23 දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment