කෑගල්ලේ බස් ත්‍රිරෝද ගැටී තරුණයා මරුට

140

පසුගිය 14 දා රාත්‍රී 9.15ට පමණ හම්බන්තොට සිට යාපනය දක්වා ගමන්ගත් පෞද්ගලික බස්රථයක ගම්පහ සිට පැමිණි ත්‍රීවිල් රථයක් ගැටී රථය පැදවූ තරුණයා බරපතළ ලෙස තුවාල ලැබ කෑගල්ල මූලික රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇති බව පිංදෙනිය පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුලත්කොහුපිටිය, අඹුවක්ක, ගලඋඩහේන පදිංචි ජී. ආර්. මහේෂ් කරුණාරත්න නමැති 33 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මියගිය තරුණයා 2013 වසරේ කොරියාවේ

රැකියාවකට ගොස් 2018 ලංකාවට පැමිණ ඇත. පසුව ඔහු බුලත්කොහුපිටියේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ප්‍රදේශයේ පොදු වැඩවලට මෙන්ම දිළිඳු පවුල්වලට උදව් උපකාර කළ පුද්ගලයෙක් බව අඹුවක්කේ රංගල ගම්ලත් මහතා පැවසීය.

මහේෂ් ලබන මාර්තු මස කුරුණෑගල තරුණියක් සමග විවාහ ගිවිස ගැනීමට සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදීමට සිදුව ඇත.

මොහුගේ පියාද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය අයකු බව පොලිසිය කියයි. බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පිංදෙනිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
කෑගල්ල – එම්. බී. පහළවත්ත සහ බුලත්කොහුපිටිය – වසන්ත සමරවර්ධන සහ ගාමිණී රම්‍යපාල – කොටියාකුඹුර

advertistmentadvertistment
advertistmentadvertistment