මහරගම නන්ද නාහිමියන්ට සංඝනායක පදවිය පිරිනැමූදා…

25

කොල්ලු‍පිටිය, වාළුකාරාම මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති පූජ්‍ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්‍යාමෝපාලිවංශික මහානිකායේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උතුම් උපාධ්‍යාය පදවිය හා කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ඉකුත් 29 වැනිදා පෙරවරුවේ පැවැත්විණි.

උගත් වියත් මහා යථිවරයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය මහරගම නන්ද ස්වාමීන් වහන්සේ ඉටුකරන ශාසනික සහ සමාජයීය මෙහෙවර අගයමින් මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වය විසින් මෙම අභිනව ධුරය උන්වහන්සේ වෙත පිරිනමා තිබේ. ඊට අදාළ සන්නස් පත්‍ර පිළින්වීම සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළ අතර, විජිණිපත පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment