පාකිස්තානය ඩීසල් මිල ඉහළ දමයි

289

පාකිස්තානය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබුණි.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ රාත්‍රියේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව නිවේදනය කර ඇති බවය.

ඒ අනුව පාකිස්තානය ඩීසල් මිල රුපියල් 7.50 කින් ඉහළ දමා ඇත.

දැනට පෙට්‍රල් ඇතුළු අනෙකුත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බවද පාකිස්තාන මුදල් අමාත්‍යවරයා පවසා තිබේ.

ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානය විදේශ විනිමය අර්බුදයකට ද මුහුණ පා ඇති අතර ආනයන කටයුතු සඳහා ඉන් දැඩි බලපෑමක් එල්ලවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment