ඔස්ටේ‍්‍රලියානු සංචාරයේදී  මාලිංගටත් වගකීමක්

194

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ඕස්ටේ‍්‍රලියා සංචාරයේදී පන්දු යැවීමේ උපාය මාර්ගික  පුහුණුකරු ලෙස හිටපු විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පත් කර තිබේ.

 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්  තාක්ෂණික උපදේශන කමිටුවේ උපදෙස් මත ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඒ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ලසිත් මාලිංගගේ මෙම පත්විම ලබන මස 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන බවයි.

 අදාළ පත් කිරීම සම්බන්ධයෙන් තමා සතුටට පත් වූ බවත් දක්ෂ නවක ක‍්‍රීඩකයින් ගෙන් සැදුම් ලත් ශ‍්‍රී ලංකා පන්දු යැවීමේ අංශයට සහාය දැක්වීමට ලැබීම අගය කොට සළකන බවත් ලසිත් මාලිංග ප‍්‍රකාශ කර තිබුණි. මාලිංග මීට පෙර අයි.පී.එල් තරග යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment