ආදරවන්තයන්ගේ දිනය දා පුනරුත්ථාපන ලාභීන්ට “මම මට ආදරෙයි”

749

පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය දා පුනරුත්ථාපන ලාභීන් වෙනුවෙන් ආදරයට ඉඩ ප්‍රස්ථා ලබාදෙන වැඩසටහනක් “මම මට ආදරෙයි” යන තේමාව යටතේ දෙහිවල ජාතික සත්වෝද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි. ප්‍රජා විශෝධන ආඥාලාභීන් සහ ජනාධිපති පොදු සමාව ලැබූ පුනරුත්ථාපන ලාභීන් යහපත් ලෙස සමාජ ගතකිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එමගින් ආතති කළමනාකරණය හා පවුල් සම්බන්ධතා ශක්තිමත් කිරීම වැඩසටහනේ අරමුණ විය.

ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව හා එහි බස්නාහිර පළාත් කාර්යාලය, ජාතික සත්වෝද්‍යානය සමග දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කළේය. මෙහිදී පුනරුත්ථාපන ලාභීන් ඇතුළු පැමිණ සිටි පිරිස දැනුවත් කරමින් නර්තන, ගායනා හා දේශනා පැවැත්වූ අතර සත්ව ප්‍රදර්ශනයක්ද ඉදිරිපත් කළේය. වැඩසටහන අවසානයේ පුනරුත්ථාපනලාභීන්ට සත්වෝද්‍යානය නැරැඹීමටද එහි පාලනාධිකාරිය අවස්ථාව සලසා දෙන ලදී. මෙම අවස්ථාවට දෙහිවල ප්‍රාදේශීය ලේකම් ඒ. එම්. නන්දසිරි, දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ අධ්‍යක්ෂ මෙහෙයුම් අනෝමා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ චන්න කරුණාරත්න මහතා සහ ජාතික සත්වෝද්‍යානයේ අසංකා උඩුගමසූරිය මහත්මිය මෙම වැඩසටහන මෙහෙයවන ලදී.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment