පොහොට්ටුවේ පොඩි දෙදෙනෙක් පොඩි ගැටුමක

84


කතරගම නගරයේ මැද වීදියේ වෙළද සැලක් අසලදි කතරගම ප්‍රාදේශීය සභාවේ එකම පක්ෂයේ හිටපු සභාපති වරයා හා මංත්‍රි වරයෙකු අතර ඇති වු බහින් බස්විමක් දුර දිගයාමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇතැයි කතරගම පොලිසිය පවසයි.
මෙලෙස කතරගම නගරයේ වෙළද සැළක් අසලදි ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමු‍ණෙ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 40 හැවිරිදි චානක අමිල් රංගන හා එම පක්ෂයේම මංත්‍රි වරයෙකු වන 39 හැවිරිදි හේවා රයිගම් කෝරලගේ දසුන් ඉන්දික‍ නැමති දෙදෙනා අතරය.
දෙදෙනා අතර ඊයේ සවස 7.30ට පමණ කතරගම මැද වීදියේ වෙළද සැලක් අසලදී බහින් බස්විම සිදුව තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වන අතර දෙදෙනා සදහාම අධිකරණ වෛද්‍ය පෝරම් නිකුත් කිරිමටද පොලිසිය කටයුතු කර තිබේ.සිද්ධියෙන් කිසිවෙකුටත් බාහිරින් කිසිදු තුවාලයක් සිදුව නොමැති බව මුලික පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment