සහල් හා ලූනු බදු අඩු කළ හැටි

336

සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අප්‍රේල් 03 වැනිදා දක්වා රුපියලක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.මෙම වෙළෙඳ බද්ද අදාල වන්නේ දැනට ආනයනය කර නිදහස්කර නොගත් වරායේ ඇති සහල් සඳහා පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ලොකු ලූනු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක් සඳහා රුපියල් 10ක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.වෙළෙඳ පොළේ ලොකු ලූනු මිල ඉහළ යාම සලකා බලා මෙම තීරණය ගත් බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment