ස්ටිකරයක් අලවා ප‍්‍රමිතියට ගෑස් දෙනවා – ලිට්‍රෝ උසාවියට පොරොන්දු වෙයි

151

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුමත කරනු ලබන නිසි ප‍්‍රමිතියෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් මින් ඉදිරියට වෙළෙඳපොළට නිකුත් කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (16 දා) අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්නේය.

සංයුතිය දැක්වෙන ස්ටිකරයක් අලවා ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීමට දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ලිට්‍රෝ ගෑස් සමාගම අධිකරණය හමුවේ ලබාදුන් එකී පොරොන්දුව මගින් එකඟ විය.

ඒ අනුව අනාරක්ෂිත ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම හා ඒවා ආනයනය කිරීමට වගකිවයුතු ගෑස් සමාගම් ඇතුළු බලධාරීන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනුකර තිබූ පෙත්සම සම්බන්ධයෙන් නියෝගය අද (17 දා) නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

එම පෙත්සම රුවන් ප‍්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරු ම`ඩුල්ල හමුවේ කැඳවිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment