මුදල් වංචා චෝදනාවට මාලදිවයින් හිටපු ජනපති යමීන් වසර 11ක් හිරේ

105

මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා මත වරදකරු වීමෙන් අනතුරුව මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර තිබේ.

සිරදඬුවමට අමතරව යමීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 5ක දඩයක් ද නියම කර ඇත.

කෙසේ නමුත් යමීන් මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. රජයේ අරමුදලකින් මුදල් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් යටතේ 2019 වසරේදීත් යමීන් වරදකරු වූ අතර එහිදීත් ඔහුට වසර 5ක සිරදඬුවම් සහ දඩයක් නියම කෙරිණි.

2020 වසරේදී නිවාස අඩස්සියට පත් හිටපු ජනාධිපති යමීන්, ඉන් නිදහස ලැබුවේ මාස කිහිපයකින් පසුවය.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment