සේයාරුවෙන් දැක්වෙන්නේ ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම් ඇනා ජර්ඩි මහත්මිය, IFC,‍‍ JICA, USAID සහ ADB යන ජාත්‍යන්තර ආයතනවල නිලධාරීන්ද සමග යාපනයේදී කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ ගනුදෙනුකරුවන් හමුවූ අවස්ථාවයි.

ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම්, ඇනා ජර්ඩි මහත්මිය, කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවා හරහා සහාය දක්වන කාන්තා ව්‍යවසායකයින් පිරිසක් යාපනයේදී මෑතකදී හමුවිය.

ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන ආයතනවල නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකු සේවාවන්හි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් වටමේස සාකච්ඡාවකදී සිදුකරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග ‘IFC – DFAT Women in Work’ වැඩසටහන යටතේ මෙම බැංකුකරණ සේවාවන් දියත් කර වසර දෙකකට පසුව මෙම සමාලෝචනය සිදුකරණ ලදී. මෙම සාකච්ඡාවෙන් පසුව ඇනා ජර්ඩි මහත්මිය තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, කාන්තා ව්‍යවසායකයින්ගේ උනන්දුව සහ අධිෂ්ඨානයට තම උපහාරය දැක්වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment