යුද්ධයට මැදිවී ඊශ්‍රායාලයේ තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

121

ඊශ්‍රායල හමාස් ගැටුම් අතරතුර අතුරුදන්වී සිටි තවත් ශ්‍රී ලාංකිකයකු ජීවිතක්‍ෂයට පත්වී ඇතැයි ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාර යටවර නමැති ශ්‍රී ලාංකිකයා බව එම තානාපති කාර්යාලය කියයි.

ඒ අනුව ඊශ්‍රායල් හමාස් ගැටුම්වලින් මේ වන විට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මරුමුවට පත්ව තිබේ.

මීට පෙර අනුලා රත්නායක මහත්මිය හමාස් ත්‍රස්තයන් එල්ල කළ වෙඩි ප්‍රහාර හමුවේ මරුමුවට පත් වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment