සී.එච්. ඇන්ඩ් එෆ්.සී. පෙරළිකාර ජයක් ලබයි

124

“නිපෝන් පේන්ට් කුසලාන ලීග් රග්බි තරගාවලිය – 2023/2024”

“නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ රග්බි තරගාවලියේ දෙවන සතියේ සිව් වැනි තරගයේ දී පෙරළිකාර ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සී එච්. ඇන්ඩ් එෆ්.සී. සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉකුත් වසරේ අනු ශූරයන් වූ ප්‍රබල හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මෙම ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සී. එච්. පිල සමත් වීම විශේෂත්වයකි. ඒ අනුව සත්කාරක හැව්ලොක්ස් පිල තම ක්‍රීඩාංගණයේදීම ලකුණු 20 -13 ක් ලෙස පරාජය ලැබීය. ජයග්‍රාහී සී.එච්. ක්‍රීඩකයන් ගෝල් දිනුම් 02 ක් සහ දඬුවම් පහර 02 ක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත හැව්ලොක්ස් පිලේ ලකුණු එකතුව උත්සහක දිනුම් 02 ක් සහ දඬුවම් පහරක් මගින් සටහන් කර ගත්හ.

මෙම සතියේ පළමු ජයග්‍රහණය සිකුරාදා (08) සටහන් කර ගනිමින් කැපී පෙනෙන්නට ගුවන් හමුදාවට හැකි විය. මෙවර තරගාවලිය යටතේ ගුවන් හමුදාව සටහන් කර ගත් පළමු ජයග්‍රහණය මෙය වීම ද විශේෂත්වයකි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment