නිවාස ව්‍යාපෘතිවලට කියා සජිත් මිලියන 33000 ක් ගිලලා – ඉන්දික අනුරුද්ධ කියයි

316

වත්මන් විපක්‍ෂ නායක,හිටපු නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ සජිත් පේ‍්‍රමදාස මහතා රුපියල් මිලියන 33000 ක් නිවාස ව්‍යාපෘති සඳහා යැයි කියමින් නිකරුණේ නාස්තිකර ඇතැයි නිවාස රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03 දා) කීය.

එහිදී නව නිවාස ව්‍යාපෘති 2562 ක් ආරම්භ කොට ව්‍යාපෘති 367 ක් පමණක් අවසන් කර ඇති බව ද ඒ සඳහා සමරුඵලක වෙනුවෙන් මිලියන 64 ක්, උත්සව සඳහා රුපියල් මිලියන 211 ක්, පෝස්ටර් සඳහා මිලියන 86 ක්, පුවත්පත් දැන්වීම් සඳහා මිලියන 347 ක් ද වියදම් කර ඇතැයි ද හෙතෙම කීය.

මෙහිදී ණය ලබාදීම සඳහා මිලියන 20,000 කට ආසන්න මුදලක් වැය කර ඇතැයි ද පැවසූ අනුරුද්ධ මහතා එලෙස ණය දීමට ප‍්‍රසිද්ධිය ලබාගන්නේ කුමන අවශ්‍යතාවකට දැයි විමසන බව ද කීවේය.

පසුගිය සමයේ නිවාස ව්‍යාපෘති පිළිබඳ ප‍්‍රශ්න විමසන විට වත්මන් විපක්‍ෂ නායකවරයා සභා ගැබට නොපැමිණෙන බවත්, ලබන 06 වැනිදා නිවාස අමාත්‍යාංශ වැය ශීර්ෂයට පැමිණ උත්තර දෙන්නැයි කියා තමන් ඔහුට අභියෝග කරන බව ද සඳහන් කළේය.

ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment