මුලතිව් වෙළෙඳසල් වැසේ

195

අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් නගරයේ සියලුම වෙළෙඳසල් 19 දා හදිසියේම වසා දැමීමට වෙළෙන්දන්ට සිදුවුණි.

දින හතරක් තිස්සේ මුලතිව් ප්‍රදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගංවතුර අවදානමක් හටගත් අතර ජනතාවද බියට පත්ව ආරක්ෂිත ස්ථාන සොයන්නට වූහ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා මුලතිව් දිසාපති කාර්යාලයේ නිලධාරීන් මුලතිව් වැසියන් හමුවට පැමිණ ඔවුන්ව අස්වසාලීමට පියවර ගත් අතර ඕනෑම හදිසි තත්ත්වයකට මුහුහුණ දීමට නිලධාරීන් සූදානම් කොට සිටින නිසා බියට පත් නොවන ලෙස උපදෙස් ලබා දී තිබුණි.

අධික වර්ෂාව නිසා එක් රැස් වූ ජලය හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ ගම්මාන කීපයක නිවාස ජලයෙන් යට වී ඇත.

ජනතාව මුලතිව් නගරයට නොපැමිණීම නිසා නගරයේ වෙළෙඳසල් වසා දමන්නට නගරයේ වෙළෙන්දන් පියවර ගෙන තිබුණි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment