කිරි බොමින් සිටි බිලිඳා ප්‍රාණ ඇපයට ගෙන කාන්තාව කෙළෙසූ සැක තිදෙනාට ඇප

910

පූගොඩ පොලිස් වසමේ පැපිලියවල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ තරුණයන් තිදෙනකු එම නිවසේ වෙසෙන විවාහක කාන්තාව සිය බිලිඳාට කිරි පොවමින් සිටිය දී එම බිලිඳා උදුරා ගෙන ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඇයව බරපතළ ලිංගික අපයෝජනයට පත්කළේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තරුණයන් තිදෙනා රුපියල් 25,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට

පූගොඩ මහෙස්ත්‍රාත් විශාන් ඒකනායක මහතා නියෝග කළේය.

පූගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුරේස් ද සිල්වා මහතාගේ උපදෙස් මත පො.සැ. (69347) රොෂාන් මහතා පැමිණිල්ල මෙහෙය වීය. විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ තුෂාර විජේසිංහ, නීතිඥ සංජය රණතුංග මහත්වරු පෙනී සිටියහ.
පූගොඩ – සරණපාල නුවරපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment