රට අරියි…. අලුත් මාර්ගෝපදේශ අද සිට

300

පළාත් සංචරණ සීමා දිගටම

අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නෑ

මාස්ක් අනිවාර්යයි

සුළු සාදයකටවත් අවසර නෑ

ටියුෂන් තහනම්

පූජනීය ස්ථානවල සාමූහික ක‍්‍රියාකාරකම් බෑ

බැංකු ඇතුළට ගනුදෙනුකරුවන් 5යි

15 දා දක්වා අවන්හල්වල කන්න බෑ

ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

කී‍්‍රඩා නෑ

කොණ්ඩ කපන්න වෙලාව වෙන්කර ගන්න

විවාහ ලියාපදිංචියට පමණක් අවසර

අද (01 දා) සිට කොවිඞ් 19 නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ ද මෙම මස 31 වැනිදා දක්වා අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා රාති‍්‍ර 10 සිට අලූයම 04 දක්වා අවසර ලබා නොදෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30 දා) නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මගින් ප‍්‍රකාශයට පත් කර ඇත.

එම මාර්ගෝපදේශ මාලාවට අනුව අත්‍යවශ්‍ය ක‍්‍රියාකාරකම් හැර අනෙකුත් අවශ්‍යතා සඳහා අන්තර් පළාත් සංචරණ සීමාවන් අඛණ්ඩව ක‍්‍රියාත්මකය.

පොදු ප‍්‍රවාහන සේවයේදී මඟීන් ගෙන යා හැක්කේ ආසන ධාරිතාවට පමණි.

පොදු ප‍්‍රවාහන සේවාවන්හි වායු සමනය කළ රථවාහන භාවිතා නොකළ යුතු අතර ජනේල විවෘත කර තැබිය යුතුය.

සෑම විටම මුහුණු ආවරණයක් නිසි ලෙස පැළඳ සිටිය යුතුය.

ආයතන වෙත පැමිණෙන සේවකයන් ගණන සෑම විටම සීමා කළ යුතු අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීමට දිරිමත් කළ යුතුය.

මහජන රැස්වීම්, නැවත දැනුම් දෙනතුරු පැවැත්වීමට අවසර නොලැබේ.

මෙම මස 15 වැනිදා දක්වා රැස්වීම්, වැඩමුළු, සම්මන්ත‍්‍රණ සඳහා සහභාගි කරගත හැක්කේ ඇතුළුකරගත හැකි පුද්ගලයන්ගෙන් සියයට 25% කට යටත්ව පුද්ගලයන් 25 ක් පමණි.

16 වැනිදා සිට 31 වැනිදා දක්වා එම සියයට 25 ට යටත්ව පුද්ගලයන් 50 ක් සහභාගි කරගත හැකිය.

ගෘහස්ථ හෝ එළිමහන් උත්සව, සාද, එක්රැස්වීම් සහ නිවෙස් හි පැවැත්වෙන සුළු සාද හෝ පැවැත්වීමට අවසර නැත.

ආර්ථික මධ්‍යස්ථාන සහ විවෘත වෙළෙඳපොළ සහ සතිපොළ ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛi නිලධාරීන්ගේ අධීක්‍ෂණය මත ක‍්‍රියාත්මක කළ යුතුය.

අවන්හල් හි පරිභෝජනය මෙම මස 15 වැනිදා දක්වා අවසර නැත.

16 වැනිදා සිට 31 වැනිදා දක්වා ආසන ධාරිතාවෙන් සියයට 30% ක් යටතේ උපරිම ගනුදෙනුකරුවන් 50 කට යටත්ව අවන්හල් පවත්වාගෙන යා හැකිය.

අවන්හල්හි මධ්‍යසාර මත්පැන් භාවිතය තහනම් ය.

ආහාරපාන රැුගෙන යන අවන්හල් පවත්වාගෙන යෑමට අවසර ලැබේ.

ජංගම වෙළෙන්දන්, සෞඛ්‍ය වෛi නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක විය යුතුය.

සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළෙඳසල්, ගෘහ භාණ්ඩ වෙළෙඳසල් මෙම මස 15 වැනිදා දක්වා වරකට එම ස්ථානයේ සිටිය හැකි ඉඩ ප‍්‍රමාණයෙන් සියයට 10% ක ඉඩ ප‍්‍රමාණයට යටත්ව ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගත හැකිය. එසේ ඇතුළත් කරගනු ලබන පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප‍්‍රදර්ශනය කළ යුතුය.

16 වැනිදා සිට 31 වැනිදා දක්වා මෙම කඩ සාප්පු වෙත වරකට එම ස්ථානයේ සිටිය හැකි ගනුදෙනුකරුවන් ප‍්‍රමාණයෙන් සියයට 20% ක් පිරෙන ලෙස ඇතුළත් කර ගත හැකිය.

බැංකු, උකස් මධ්‍යස්ථාන සහ මූල්‍ය සමාගම් හි ඕනෑම වේලාවක ආයතනය ඇතුළත සිටිය හැකි ගනුදෙනුකරුවන් ගණන 05 කි.

ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යා හැකිය.

කොණ්ඩ කපන ස්ථාන සහ රුපලාවන්‍යාගාර වෙත වේලාවක් වෙන්කර ගෙන පැමිණිය හැකිය.

පෙර පාසල් පැමිණෙන ළමුන්ගෙන් හරි අඩක ධාරිතාවෙන් ක‍්‍රියාත්මක කළ හැකිය.

වෘත්තීය පුහුණු ආයතන ද හරි අඩකගේ සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක කළ හැකිය.

සිනමා ශාලා වසා ඇත.

ව්‍යායාම ශාලා, මෙම මස 15 වැනිදා තෙක් ඕනෑම වේලාවක සිටිය හැක්කේ ගනුදෙනුකරුවන් 05 කි. 16 වැනිදා සිට 31 වැනිදා දක්වා පුද්ගලයන් 10 දෙනෙකු සමඟ ක‍්‍රියාත්මක කළ හැකිය.

ක‍්‍රීඩා කටයුතු සඳහා අවසර නැත.

ඇවිදින මංතීරු විවෘතය.

මංගල උත්සව විවාහය ලියාපදිංචි කිරීම සඳහා පමණක් අවසර ඇත.

එහිදී මෙම මස 15 වැනිදා දක්වා පුද්ගලයන් 10 දෙනකු ද. 16 වැනිදා සිට 31 වැනිදා දක්වා උපරිම පුද්ගලයන් 50 දෙනකු ද සහභාගි කර ගත හැකිය.

අවමංගල උත්සවයකදී කොවිඞ් ආසාදනය නොවූ මෘතදේහ මුදාහැර පැය 24 ක් ඇතුළත පැවැත්විය යුතුය.

15 වැනිදා දක්වා ඕනෑම වේලාවක සිටිය හැක්කේ 10 දෙනෙකි. 16 වැනිදා සිට 31 වැනිදා දක්වා පුද්ගලයන් 15 ක් සඳහා අවසර ලැබේ.

පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක‍්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත.

ප‍්‍රදර්ශන හා සම්මේලන සඳහා අවසර නැත.

උපකාරක පංති පැවැත්විය නොහැක.

විභාග, කර්මාන්ත, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්විය හැකිය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment