උල් ඇණ සහිත ස්ථිර මාර්ග බාධක යෙදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවෙලා – නීතිඥයෝ නඩු දාන්න ලෑස්තියි

206

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා උල් ඇණ සහිත ස්ථිර මාර්ග බාධක ඉදිකිරීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇතැයි ද ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද නීතිඥයෝ පවසති.

මෙලෙස මාර්ග හරහා ස්ථිර මාර්ග බාධක ඉදිකිරීම නිසා සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා මත ඕනෑම අයකුට අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට නෛතික බලයක් ඇතැයි ද නීති විශාරදයෝ කියති.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව නිසා මෙරට ප්‍රධාන පෙළේ හෝටල් හා නිවාස මෙන්ම කාර්යාල පිහිටි ප්‍රදේශයක ස්ථිර මාර්ග බාධක ඉදිකිරීමෙන් සාමාන්‍ය ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ද නීති විශාරදයෝ පෙන්වා දෙති.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment