ලක්වාසී සැමට සහ කොළඹ වරාය නගර ව්‍යාපෘතියට සර්ව ආගමික ආශිර්වාද කිරීමේ මෙහෙය කොළඹ වරාය නගරයේදී පවත්වයි

57

ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන කොළඹ වරාය නගරය එහි ප්‍රකාශිත නිමවුම් මූලික අදියරයන් මේ වනවිට නිම කිරීමට ආසන්න වෙමින් පවතී.

මෙම සංවර්ධන ප්‍රයත්නයන් වඩාත් කාර්යක්ෂමව නිම වීමටත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතියට මෙන්ම අප දේශයට ආශිර්වාද ලබා ගැනීම නිමිති කර ගනිමින්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සහ ව්‍යාපෘති සමාගම වන CHEC Port City Colombo (pvt) Ltd (CPCC) හි සහයෝගීත්වයෙන් මැයි 6 වන දින සර්ව රාත්‍රික මහා පිරිත් සජ්ඣායනාවක් සහ ඉන් අනතුරුව මැයි 7 වන දින සර්ව ආගමික ආශිර්වාද සහ මහා සංඝයා උදෙසා දානමය පිංකමක් පවත්වන ලදී.

වෙසක් උත්සවයට සමගාමීව පැවති මෙම ආශීර්වාද මෙහෙයට, මැයි 7 වන දින ශ්‍රී ලංකාවේත්‍රෛනිකායික ප්‍රධාන සංඝනායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රධාන ආගමික ප්‍රජාවන් වන හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරන ආගමික නායකයින්ද සහභාගී විය. මෙම අවස්ථාවට මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශවල ප්‍රධාන පෙළේ නියෝජිතයන් පිරිසක් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ද එක්වූහ.

මෙම සුවිශේෂී අවස්ථාව පිලිබඳ අදහස් දක්වමින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රියත් බී වික්‍රම මහතා ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ප්‍රකෘතිමත් වීමේ ගමනක් ආරම්භ කරන අවස්ථාවේ, කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීමේ උත්ප්‍රේරකයක් ලෙස ප්‍රධාන භූමිකාවක් ගෙන කටයුතු කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment