OTP ජිල්මාට් පොලිසියට කියන්න

191

මූල්‍ය ගනුදෙනුවලදී තම රහස්‍ය අංක (ඕටීපී) සොරාගැනීමෙන් යම් මූල්‍ය වංචාවකට ගොදුරු වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ළඟම පොලිසියට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

එවැනි වංචාවකට ගොදුරුවීමට අමතරව එවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ද ළඟම පොලිසියට හෝ මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි කළ හැකි බව ද මහ බැංකුව කියයි.

වැඩ කරන දිනවල කාර්යාල වේලාවන්වලදී එනම් පෙ.ව 8.00 සිට ප.ව 4.15 දක්වා 011-2477125 සහ 011-2477509 යන දුරකථන අංක ඇමතීමෙන් ද මේ ගැන මූල්‍ය බුද්ධි ඒකකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ.

එසේම අදාළ සාක්ෂි වශයෙන් මුදල් තැන්පත් කළ හෝ තැන්පත් කිරීමට පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, අදාළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩවල ස්ක්‍රීන් ෂොට් යනාදිය 076-5200290 (වට්ස් ඇප්) යන දුරකථන අංකයට යොමු කරන ලෙස ද මහ බැංකුව ඉල්ලා සිටී.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment