කේබල් නිෂ්පාදනයේ ලාංකීය පුරෝගාමික ACL කේබල්ස් වෙතින් පෙරළිකාර නව නිෂ්පාදන

67

පවතින සමාජ ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් වඩාත් ආරක්ෂාකාරී සහ කාර්යක්ෂම විදුලි කේබල් වර්ග නිෂ්පාදනය කරන ACL කේබල් නිවෙසේ නවතම කේබල් නිෂ්පාදන ද්විත්වය පසුගියදා හඳුන්වාදෙනු ලැබිණි.

විදුලි වියදම් ඉතා ඉහළ ගොස් ඇති පසුබිමක වඩා පිරිමැසුම්දායී ලෙස විදුලි පරිභෝජන අවශ්‍යතා සපුරාගැනීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබාදෙමින් හඳුන්වාදෙන ලද ACL එනර්ජි සේවින් කේබල් ඒ අතරින් එකකි.

පරිසර හිතකාමී හෙවත් හරිත නිෂ්පාදනයක් වන බැවින් කොළ පැහැති ලේබලයක් සහිතව හඳුන්වාදී ඇති මෙය සුපිරි කොපර් ERC සහ PDCC තාක්ෂණයෙන් නිමවා ඇති බැවින් එමගින් ඉහළ විදුලිය පිරිමැස්මක් ලබාගත හැකිය. ඉහළ ප්‍රමිතියෙන් යුතු කේබල් වර්ගයක් වන ACL එනර්ජි සේවින් කේබල් සඳහා SLS 733 සහතිකයද හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment