උ.පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සති 6 කට පෙර අවසන් කරනවා – විභාග කොමසාරිස් ජනරාල්

325

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සති 06 කට පෙර අවසන් කිරීමට උත්සාහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවැසීය.

උසස් පෙළ විෂයයන් කිහිපයකට අදාළව පිළිතුරු පත්‍ර බැලීම ඊයේ (08 දා) සිට ආරම්භ කළ බවත් මැයි 29 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් මැයි 26 වැනිදා සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව නතර කරන බවත් ඒ මහතා කීය. එහෙත් කුඩා විෂයයන් කිහිපයක් සම්බන්ධව පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ සිදුකිරීමට අදහස් කරගෙන සිටින බව ද ඒ මහතා පැවැසීය.

සෞන්දර්ය විෂයයන් කිහිපයකට අදාළව පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කර අවසන් බව පැවසූ විභාග කොමසාරිස් ජනරාල්වරයා, පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සඳහා ගුරුවරුන් 19,000 ක් අවශ්‍ය බව කීව ද මීට පෙර වසරවලදීත් එවැනි පිරිසක් සහභාගි වී නැති බවත් පැවැසීය. පිළිතුරු පත්‍ර පරීක්‍ෂා කිරීමට අවශ්‍ය ගුරුවරුන් සංඛ්‍යාවක් සිටින නිසා එම පිරිස කළමනාකරණය කරගෙන පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සිදුකරන බවත් ඒ මහතා කීය.

ඊයේ විෂයයන් 08 කට අදාළව මධ්‍යස්ථාන 10 කදී පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව ආරම්භ කළ බව ද ඒ සඳහා විශ්වවිiාල ආචාර්යවරුන් සහභාගි වූ බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

පසුගිය පෙබරවාරි 17 වැනිදා උසස් පෙළ විභාගය අවසන්වීමෙන් පසුව 22 දා සිට පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සිදුකිරීමට නියමිතව තිබුණි. එහෙත් විශ්වවිiාල ආචාර්යවරුන්ගෙන් අය කරන උපයන විට බදු ප්‍රමාණය වැඩකිරීම නිසා එය අවම කරන ලෙස ඉල්ලමින් ඔවුන් වර්ජනයක නිරත වීම නිසා පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව කල් ගියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment