ඉල් පොහොය හෙට

137

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසකට මුල්වූ ඉල්පුර පසළොස්වක පොහෝ දිනය හෙටට (26 දා) යෙදී තිබේ.

මෛත්‍රී බෝධි සත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත 60 නම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, කඨින චීවර පුජාව කළ හැකි අවසාන පොහොය, අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම ආදී වැදගත් සිදුවීම් වූයේද ඉල් පොහෝ දිනකදීය.

advertistmentadvertistment
advertistmentadvertistment