ඉන්දියාව පළමු කාබන් නිෂ්ක්‍රිය විදුලි බලාගාරය විවෘත කරයි

328


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එරට පළමු කාබන් නිෂ්ක්‍රිය පංචායතන විදුලි බලාගාරය ජම්මු කාශ්මීරයේ සම්බා දිස්ත්‍රික්කයේ ඉකුත් 24 වැනිදා විවෘත කර ඇත.මෙය කිලෝ වොට් 500ක විදුලියක් උත්පාදනය කරන සූර්ය විදුලි බලාගාරයකි.මීට අමතරව ජම්මු කාශ්මීරයේ ඉන්දීය රුපියල් කෝටි 5300ක් වැය කර ජල විදුලි බලාගාර දෙකක් ඉදිකිරීමටද මුල් ගල් තැබීය.චෙහාබ් ගග හරස් කර ඉදිවන රත්ලේ මගින් කිලෝ වොට් 850ක්ද කවා මගින් කිලෝ වොට් 540ක් ද නිපදවීමට අපේක්ෂා කරයි.ඉන්දීය අගමැතිවරයා ජම්මු කාශ්මීරයේ ආරම්භ කළ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යපෘති යටතට මෙම විදුලි බලාගාර ද එක්ව ඇත.ඉන්දීය රුපියල් කෝටි 20,000ක් වැය කර ජම්මු කාශ්මීරයේ සිදුකරන මෙම බහු කාර්ය සංවර්ධනය මගින් තරුණයින් විශාල පිරිසකට රැකියා උත්පාදනය වන බව අගමැතිවරයා සඳහන් කරයි.මෙම සංවර්ධන ව්‍යාපෘති අතරට බතිහාල් සහ කුසිගන්ඩ් නගර අතර ඉදිකළ කිලෝ මීටර් 8.45ක් දිග උමං මාර්ගය මගින් නගර දෙක අතර දුර කිලෝ මීටර් 16ක් අඩුවේ.මේ සඳහා ඉන්දීය රුපියල් කෝටි 3100ක් වැය කර ඇත.ජම්මු ගුවන් තොටුපොළ සම්බන්ධවන ලෙස දිල්ලි,අම්රිත්සාර් සහ කත්‍රා නගර යාකර මංතීරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් සහිත අධිවේගී මාර්ගයක් ද ඉදිවේ.මේ සඳහා ඉන්දීය රුපියල් කෝටි 7500ක් වැය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment