කොවිඩ් වලින් පසු දකුණු අප්‍රිකානු රටවලට චීන ණය සීමාවේ

119


කොවිඩ් 19 වසංගතයෙන් පසු චීනය දකුණු අප්‍රිකානු රටවලට ලබාදෙන ණය පහත වැටී ඇත.වසංගතය සහ එහි ආර්ථික පහසුකම් වල බලපෑම මත චීනය ලබාදෙන ණය ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් බිලියන 1.9 දක්වා අඩුවී ඇත.එසේම 2015 වසරේ සිට 2020 ආරම්භ කළ ව්‍යාපෘති 60න් මූල්‍යාධාර ලබාදී ඇත්තේ 11කට පමණි.ඇන්ගෝලාවට සහ ඉතියෝපියාවට ණය ලබාදී නැත.චීනය අප්‍රිකානු රටවල් 49ක් සමග ඇමෙරිකානු ඩොලර් බිලියන 160ක ණය ගිවිසුම් 1,188ක් අත්සන් කර ඇත.මෙම ණය සීමා වීම නිසා කම්කරු අයිතීන් සහ මානව හිමිකම් පිළිඹඳ විශ්වාසය ද බිඳවැටී ඇතැයි වාර්තාවේ.එසේම චීන ව්‍යාපෘති වල සේවය කරන කාන්තාවන්ට ලිංගික හිරිහැර සිදුවන බවටද පැමිණිලි ලැබී ඇත.විශේෂයෙන්ම උගන්ඩාවේ ව්‍යාපෘතිවල සේවය කරන කාන්තාවන්ට චීන ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්ගෙන් ලිංගික හිරිහැර වන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment