කේරළයට සෞඛ්‍ය අවදානමක්

152

සතුන් මාර්ගයෙන් මිනිසාට වැළඳෙන මෙතෙක් එන්නතක් සොයා ගෙන නොමැති ‘නිපා වෛරස්’ ආසාදනයට ගොදුරු වූ දෙදෙනකු මිය යෑම හේතුවෙන් දකුණු ඉන්දියානු ප්‍රාන්තයක් වන කේරළ ප්‍රාන්ත බලධාරීහු ප්‍රාන්තයේ ජනතාවට සෞඛ්‍ය අවදානම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

නිපා වෛරස් ආසාදනයට ගොදුරු වූ කේරළ ප්‍රාන්තයේ කොසිකොඩේ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනකු ඉකුත් අගෝස්තු මස 30 දා හා මෙම මස මුලදී මිය ගොස් ඇති අතර ඔවුන්ගේ නෑදෑ හිතවතුන් දෙදෙනකුද එම ආසාදනයට ගොදුරු වී රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වී තිබේ. ඌරන් හා පලතුරු වවුලන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන නිපා වෛරස් ආසාදනය වෛරසයෙන් ආසාදිත ආහාර මාර්ගයෙන් මෙන්ම ආසාදිතයින් මාර්ගයෙන් අන් අය අතර, පැතිරෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම වෛරසය මාරාන්තික වෛරසයක් වන බවත් එය ආසාදනය වූ අයට ශ්වසන රෝග මෙන්ම මොළයේ එන්සෙපලයිටිස් රෝග තත්ත්වයන් ඇති විය හැකි බව වෛද්‍ය මතය වී තිබේ. 2018 වසරේ සිට කේරළයේ මෙම වෛරස් ආසාදනය පැතිර යන සිවු වැනි අවස්ථාව මෙය ලෙස සැලකේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment