පාතාල වෙඩි ප්‍රහාරයෙන් වැල්ලේ සුරංගගේ අයියා අනූනවයෙන් බේරෙයි

72

වැල්ලේ සුරංග නමැති පාතාල නායකයාගේ වැඩිමහල් සොහොයුරා ඉලක්ක කර පාතාල කණ්ඩායක් විසින් ඊයේ (07දා) උදෑසන කොටහේන ඉබ්බගෙවත්ත ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රහාරයකින් ඔහු අනූනවයෙන් දිවි ගලවාගෙන ඇත.

සුරංගගේ සොහොයුරා ගමන් ගත් ත්‍රිරෝද රථය ලුහුබැඳ පැමිණි පාතාල සාමාජිකයන් රැගත් වෑන් රථය ඉබ්බගෙවත්ත පාලම අසලදී ටී 56 සහ පිස්තෝල යොදාගෙන ප්‍රහාර එල්ල කර තිබේ. එහිදී සුරංග ගේ සොහොයුරා ත්‍රිරෝද රථයෙන් පැන පලාගොස් අනූනවයෙන් දිවි ගලවාගෙන ඇත.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සුරංගගේ සොහොයුරාගේ බිරිඳ ද ත්‍රිරෝද රථයේ සිට ඇති අතර ඇයට අනතුරක් සිදුවී නැත. කොටහේන ඉබ්බගෙවත්ත ප්‍රදේශයේ දෙනෝදාහක් දෙනා බලා සිටියදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment